බාර් පර්මිට්කාරයො ඉන්නේ මාළිමාවේ! – සනත් නිශාන්ත කියාදෙයි

ජාතික ජන බලවේග අපේක්ෂකයන් අතර ළමා අපයෝජකයන් මෙන්ම බාර් පර්මිට් කාරයන් සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

මන්ද මානසික දරුවන් දූෂණය කළ අය ද මාලිමාවෙන් තරග කරමින් සිටින බවත් ඔහු කියා සිටියි.

ඇතැමුන් ජනතාවගේ නිවාස ගෙන තිබූ බවත් මන්ත්‍රීවරයෙක් මහ මග මරා දැමු බවත් දැන් ඔවුන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බවටද හෙතෙම චෝදනා කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පලාත් පාලන ඡන්ද විමසීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමතමිනි.