කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පළා යමින් සිටි බව කියන රැඳවියකුට බන්ධනාගාර නිලධාරියකු අද දින අලුයම 02:45 ට පමණ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එම රැඳවියා කෑගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව කෑගල්ල මූලස්ථාන පොලිසිය උපුටා දක්වමින් ලංකාදීප වාර්තා කර ඇත.
මෙලෙස බන්ධනාගාරගතව හෝ පොලිස් අත්අඩංගුවේ සිටියදී පුද්ගලයන් මියයෑම බරපතල ලෙස පොලිස් සහ බන්ධනාගාර අංශ විසින් වගකීම බාරගතයුතු තත්වයකි. මෙරට ඉතිහාසයේ විශාල පිරිසක් බන්ධනාගාර තුළදී හිතාමතා ඝාතනයට ලක් කර ඇති නමුත්, එම සිදුවීම්වලට අදාලව නීතිය ක්‍රියාත්මක වී නැති තරම්ය.
බන්ධනාගාර රැඳෙවියන් ඝාතනය කිරීමෙන් පසු පලා ගිය බව, කැරළි ගැසූ බව ආදී නොයෙකුත් හේතු ඉදිරිපත් කරන අතර, රජය, ජනමාධ්‍ය මෙන්ම ජනතාවද ඝාතනයට ලක් වූයේ බන්ධනාගාරගතව සිටි අයෙකු නම්, එය සාධාරණීකරණය කරමින්, නිහඬව සිටී.
වෙඩි කා තුවාල ලබා සිටි මෙම පුද්ගලයා බන්ධනාගාරයට නුදුරින් පිහිටි නගර සභා ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි ඉඩමක වැටී සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු කෑගල්ල රෝහලට ඇතුළත් කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ප්‍රතිකාර ලබමින් සිටියදී මොහු මියගොස් ඇති බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.
මොහුගේ පාදයකට සහ අතකට වෙඩි වෙඩි ඇති බව පෙනී යන්නේ යැයි ද ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් නිලධාරියෙක් පැවැසීය.
කෑගල්ල මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි