සියලු පාසල් දරුවන්ගේ මෙතෙක් පැවැති සුරක්ෂා රක්ෂණාවරණය අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා පමණක් ක්‍රියාත්මක කරන බව කියමින් පිරිසකට එම රක්ෂණය කප්පාදු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ මොහොතේදීත් අධ්‍යාපන අමාත්‍යාංශය එම රක්ෂණාවරණය නතර කර ඇති අතර, කිසිදු රක්ෂණ සමාගමක් සමග ගිවිසුම්ගත නොවීම නිසා මේ මොහොතේ රෝගාතුර වන සිසුන්ට අවශ්‍ය රක්ෂණාධාරය ලැබෙන්නේ නැත.
ආර්ථික අර්බුදය දැඩිව පවතින මොහොතක, ඖෂධ හිඟය දැඩි මොහොතක සාමාන්‍ය ආදායමක් ඇති පවුල් විශාල ප්‍රමාණයකට තමන්ගේ දරුවෙකු රෝගාතුර වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා ලැබෙන එම රක්ෂණාවරණය අහිමි වනු ඇත.
අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ විස්තර, පවුලේ විස්තර ආදී පාසල් දරුවන්ගෙන් තොරතුරු කැඳවිමට අදාල සියලු විස්තර සහ තොරතුරු ඇතුලත් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාසල් ප්‍රධානීන් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.