ලංකා විදුලිබල මණ්ඩලයේ සේවයක සංඛ්‍යාව සියයට හතලිහකින් පමණ අඩු කිරීම කෙරෙහි විදුලි බල අමාත්‍යංශයෙහි අවධානය යොමු වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහය ගත තිරීමට අදාල පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව අප්‍රේල් මාසයේදී කැබිනට් මණ්ඩලයට ඉතිරි පත් කිරීමට එම අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් වාර්තා වල සදහන් කර ඇත.
2015 වසර වන විට විදුලි බල මණ්ඩලයේ සිටි සේවකයන් 14000ක් මේ වන විට 22400 දක්වා වැඩි වී ඇති බවත් සදහන් වේ.
කෙසේ වෙතත් කංචන විජේසේකර මහතා පවසා ඇත්තේ මාර්තු 01 වෙනි පැවැති වැඩ වර්ජනයට විදුලි බල මණ්ඩයේ සේවයන් 8940 ක් සහභාගී වූ බවත් එහෙත් කිසිදු ගැටලුවකිත් තොරව රට තුළ කිසිම ස්ථානයක විදුලි කප්පාදුවක් නොවු බවත් එබැවින් විදුලි බල මණ්ඩලයේ සේවකයන් 60% කින් පමණ අදාල වැඩ කටයුතු කරගෙන යෑමට හැකි බවත්ය.
ඒ අනුව ඊට අදාල නිර්දේශද තමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා පවසා ඇත.