වසන්ත ඇතුළු භික්ෂූන් 50ක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ භික්ෂූන් ඇතුළු 50කට අධික පිරිසක් ඒ අනුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතරින් පිරිසක් තලංගම පොලිස් ස්ථානයේත්, තවත් පිරිසක් මිරිහාන පොලිස් ස්ථානයේත් රඳවා තිබුණා.

එම ස්ථානයේ සිදුවීම වීඩියෝ කළ අමාත්‍යාංශයට පැමිණ සිටි නිලධාරීන් ඇතුළු බාහිර පුද්ගලයන්ට පවා පොලීසිය පහරදීලා.

මේ අත්අඩංගුවට ලක් වුණේ, විශ්වවිද්‍යාලයක් විවෘත කරන ලෙස ඉල්ලීමයි. මේ විරෝධයට ප්‍රතිචාරය විය යුතුව තිබුණේ පහරදීම නොවෙයි, විශ්වවිද්‍යාලය විවෘත කිරීම.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය පළ කිරීම සදහා පැමිණි සිසුන් සහ භික්ෂූන්, විවර කර තිබූ ඉදිරිපස ගේට්ටුවෙන් සාමකාමීව ඇතුළු වී, බාහිර පොදු ජනතාව සඳහා තිබෙන, ඉදිරිපට පිළිගැනීමේ අංශයේ සාමකාමීව ඉඳගනිමින්, විරෝධතා සටන්පාඨ කියමින් සිටියා. එසේ සාමකාමීව සිටින අයුරු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ ෆේස්බුක් පිටුවේ තිබෙනවා.

ඒ සටන්පාඨවලින් ඉල්ලුවේ විශ්වවිද්‍යාලය විවෘත කරන ලෙස.

මේ වෙද්දී විවිධාකාර කතාන්දර ගොඩක් කියමින්, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය වසා දමා තිබෙනවා. වැසිකිළි වලවල් අස්සේ කැමරා ඔබමින් කරපු මාධ්‍ය සංදර්ශනවලින්, ඒ වසා දැමීම සාධාරණීකරණය කර තිබෙනවා.

දිගින් දිගටම සාමකාමී ක්‍රමවලින් එයට එරෙහිව හඬ නැගීම් කරන්නට ශිෂ්‍ය භික්ෂූන් කටයුතු කළා. අන්තිමේ සාමකාමී සත්‍යග්‍රහයක් කරන්නට ගොඩනැගූ අට්ටාලයත් කුඩු කළා.

මේ අසංවේදී බිහිසුණු ආණ්ඩුව විශ්වවිද්‍යාලය වසා දමා, එය විවෘත කරන ලෙස ඉල්ලා සිදුකරන සාමකාමී හඬනැගීම්වලටත් පහරදෙනවා.