ජුලි 08 පොලිස්පති කටින් දැම්ම ඇඳිරි නීතියට එරෙහි පෙත්සම විභාගයට

ජුලි 08 වැනිදා පොලිස්පතිවරයා පැනවූ ඇඳිරි නීතිය නීතිවිරෝධී බව සඳහන් කරමින් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර සහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කර තිබෙනවා.
පොලිස්පති චන්දන වික්‍රමරත්න කිසිදු නීතිමය පසුබිමක් නොමැතිව ජුලි 08 වැනිදා ඇඳිරි නීතිය පැනවීමත්, ඒ හරහා කොළඹ පැවති විරෝධයකට ජනතාව සහභාගී වීම සීමා කිරීමටත් කටයු කිරීම පිළිබඳ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියේ නීතිඥ හෙජාස් හිස්බුල්ලා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන මෙම පෙත්සම් සලකා බලා එම නඩුව ඉදිරියට ගෙනයෑමට තීන්දු කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් 9 වැනිදා සිට එය විභාගයට ගනු ඇති.