ඉසුරුපායේ රාජකාරී කරපු නිලධාරීන්ට පොලීසිය මෘග ලෙස බිම දාලා පහරදීලා!

ඉසුරුපායේ ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය රැස්වෙලා තිබුණා. ඒක රැස්වෙලා තිබුණේ හතරවැනි තට්ටුවේ. මේ මෘග ප්‍රහාරය වීඩියෝ කළා කියලා ගුරු මාරු මණ්ඩලයේ නියෝජිතයන්ව හොයාගෙන ඇවිල්ලා තියෙනවා.

මාරු මණ්ඩල නියෝජිතයන් ඉන්නකොට වීඩියෝ කරනවා කියලා දැකපු නාලක සිල්වා සහ හර්ෂ කියන දෙන්නාව නිලධාරීන් ඉස්සරහා බිම දාලා ගහලා තියෙන්නේ රාජකාරී කරමින් සිටියදී.

එහෙම ගහන්නේ කොහොමද? ඒ අයට පහරදීලා අරන් ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ මොකක්ද කරපු වරද?

නිදහස් නොකළොත් ගුරු මාරු මණ්ඩල කිසිවක් වැඩ කරන්නේ නෑ. ගුරු මාරු මණ්ඩල නිලධාරීන්ට පහරදෙනකොට අපට යන්න දෙන්නේ නෑ.

ඇමතිවරයා කියන්නේ, එතුමාට එන්න එපා කිව්වාලු. මැදිහත් වෙනවා, නිදහස් කරනවා කියලා සඳහන් කරන්නේ. මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කරනකොට පහරදීම ගැන වහාම ක්‍රියාත්මක විය යුතුයි.