රනිල්ලා දයාසිගේ කතාව විකෘති කර, සිඟිති ආතල් ගනී!

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආණ්ඩුවට මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම්, නව මැතිවරණ කොමිසමක් හෝ පත් කර මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබුණු බව ප්‍රකාශ කරමින් සිටියදී, එම අදහස් දැක්වීමට බාධා කොට, ‘මැතිවරණ කොමිසමක් අලුතින් පත් කරන්නම්‘ කියමින් සිඟිති ආතල් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය මනූෂ නානායක්කාර කටයුතු කර තිබෙනවා.

‘අලුත් මැතිවරණ කොමිසමක් පත් කරලා ඡන්දය තියන්න – දයාසිරි ඉල්ලයි – මනුෂ ස්ථිර කරයි – ජනපති එකග වෙයි.‘ යනුවෙන් මෙම සිදුවීමට අදාල වීඩියෝවක් කපා මාධ්‍ය වෙත එවීමටත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය කටයුතු කර තිබෙනවා.

මෙය සිඟිති ආතල් එකකට එහා ගිය, විපක්ෂයේ අදහස් දැක්වීම් විකෘති කරන සහ මර්දනය කරන පහත් භාවිතාවක්. පසුව අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා කීවේ, තමන් දැක්වූ අදහසට බාධා කරමින්, විකෘති කරමින් ආණ්ඩුවේ නායකයන් කටයුතු කළ බව.