අමාත්‍ය මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉන්දියානු පෞද්ගලික සමාගම් දෙකකින් වෛද්‍ය සැපයුම් ලබාගැනීමට ගෙන ඇති පියවරවලට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (16දා) ගොනු කළේය.
ලියාපදිංචි නොකළ පෞද්ගලික සැපයුම්කරුවන් හරහා වෛද්‍ය සැපයුම් ලබා ගැනීමේදී අමාත්‍ය මණ්ඩලයේ කාර්යභාරය, ලියාපදිංචි නොකළ සැපයුම්කරුවන්ගෙන් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා ලියාපදිංචිය අත්හැරීමේ ජාතික ඔෟෂධ නියාමන අධිකාරියෙහි කාර්යභාරය, ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල නොවීම සහ හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙම පෙත්සම මඟින් අභියෝග කරන ලදී.
මහජනතාවගේ සෞඛ්‍යය, ආරක්ෂාව සහ යහපැවැත්ම බරපතළ ලෙස නොසලකා හැරීම සහ මහජන විශ්වාසය සහ මහජන මුදල් අපහරණය කිරීමත් සමඟ සමානාත්මතාව සඳහා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය උල්ලංඝනය කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් පෙත්සම මඟින් ප්‍රකාශ කළේය.
මෙම යෝජනාවට අනුව ප්‍රසම්පාදනයට එරෙහිව අතුරු නියෝග නිකුත් කිරීම, ඔෟෂධ 38ක් ලියාපදිංචිය අත්හැරීම සඳහා අනුමැතිය, එම ඔෟෂධ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ එම ඔෟෂධ සඳහා මුදල් ගෙවීමට එරෙහිව අතුරු නියෝග නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, රේගු අධ්‍යක්ෂ ජනරාල්, පොලිස්පති, “Savorite Pharmaceuticals Pvt & Limited Kausikh Therapeutics” P& Limited සහ නීතිපතිවරයා ඇතුළු 47 දෙනෙක් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.