පෝර ණය මිලියන 17000ක් ගෙවන්නැයි ඉල්ලයි

රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 17000ක ණය මුදල් වහා ගෙවන්නැයි පොහොර සමාගම් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව ලංකාදීප වාර්තා කර ඇත.

වසර කිහිපයක සිට පොහොර සමාගම් වලින් රසායනික පොහොර හා කාබනික පොහොර මිල දී ගැනීමට ගන්නා ලද මෙම ණය මුදල් ගෙවීමට තිබෙන බව පොහොර  සමාගම් දැනුම් දී ඇත.

මේ අනුව රසායනික පොහොර ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 11,000ක් සහ කාබනික පොහොර සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 6000ක් අදාල සමාගම්වලට ගෙවීමට සිදු ව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසා ඇත.

පසුගිය වසරේ දී හිඟ මුදල් රුපියල් මිලියන 4000ක් ගෙවා ඇතත්, තවත් රුපියල් මිලියන 17,000ක් ගෙවීමට ඇතැයි අදාල පොහොර සමාගම් නියෝජිතයෝ පොහොර සමාගම් වලට දැනුම් දී ඇත.

යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දීම සම්බන්ධවපැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි  රජය විසින් මුදල් ප්‍රතිපාදන ලබා දෙන ආකාරය අනුව අදාල හිඟ මුදල් පියවීමට කටයුතු කරන බවත්ය.

මෙවර මහ කන්නයේ දී පොහොර රට පුරා බෙදා හැරීම සඳහා  රජය රුපියල් බිලියන හයක මුදලක් වැය කර තිබෙන බව අමාත්‍යාංශය පවසා ඇත.

(අංජුල මහික වීරරත්න)