ඡන්දෙට සල්ලි වෙන් කරන්න බැරිවුණත් ගෙවල් හදන්න සල්ලි වෙන්කරගෙන!

නිවාස ණය හා ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් ආරම්භ කර, අතරමග නතර කර ඇති නිවාස ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසා ඇති බව අරුණ පුවත්පත වාර්තා කර ඇත.

2020, 2021 හා 2022 යන වසරවල ආරම්භ කළ ව්‍යාපෘති සඳහා එම ප්‍රතිපාදන හිමිවන බව විෂය භාර අමාත්‍ය අමාත්‍ය ප්‍රසන්න රණතුංග පුවත්පතට පවසා ඇති අතර එම ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය සැළකිල්ලට ගෙන නව නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කර ඇතැ බවත් ඒ මහතා පවසා ඇත.