දිවයින පුරා තවදුරටත් ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය සහ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂක L.D. කිත්සිරි මහතා නිව්ස්ෆස්ට් වෙත පවසා ඇත.
ඒ මහතා පවසා ඇත්තේ මෙම සතිය ඇතුළත එන්නත් ලක්ෂ 20ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවත් එම එන්නත් තොගය ලබන වසරේ මැද භාගය දක්වා ප්‍රමාණවත් වනු ඇති බවත්ය.