මහේස්ත්‍රාත්ව උඩ තට්ටුවේ කාමරේක හිරකර, කාර් එක උස්සන් ගිහින්!

මහෙස්ත්‍රාත්වරයෙකු ඔහුගේ දෙමහල් නිවසේ සිරකර ඔහුගේ නිල මෝටර් රථය පැහැරගැනීමේ පුවතක් පිළියන්දල, මඩපාත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

අදාල මහෙස්ත්‍රාත්වරයාව මේ ආකාරයෙන් නිවසේ සිරකර, මෝටර් රථය රැගෙන පළාගොස් ඇත්තේ ඔහුගේ නිවස කුලී පදනම යටතේ මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙක් බවත් වාර්තා වල සදහන් කර ඇත. මහෙස්ත්‍රාත්වරයෙකු සිය පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පිහිටි නිවස කුලී පදනමට ලබාදීම සඳහා ප්‍රසිද්ධ වෙබ් අඩවියක දැන්වීමක් පළකර ඇති බවත් ඒ අනුව ඊයේ දින පුද්ගලයෙකු එම නිවස බැලීමට පැමිණ ඇති බවත් වාර්තා වල සදහන් කර ඇත.

කෙසේවෙතත් අදාල මහෙස්ත්‍රාත්වරයා ගැනුම්කරුට තම නිවස පෙන්වන අතරතුරු අදාළ තැනැත්තා මහෙස්ත්‍රාත්වරයාව උඩුමහලේ සිරකර දොර වසා මහෙස්ත්‍රාත්වරයාගේ සුඛෝපභෝගි මෝටර් රථයද රැගෙන පළාගොස් ඇති බවත් වාර්තා වල සදහන් වේ.

කෙසේ වෙතත් අනතුරුව තමා සිරකර සිටි උඩු මහලේ ජනේලයකින් පිටතට පැන ඇති මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳ පොලීසියට දැනුම් දී ඇත.