රනිල් සේවක භාර අරමුලට කෙළින්න ලෑස්තියි! සේවක රක්ෂණ කතාවක් ඉස්සරහට දමයි!

මේ වෙද්දී පෞද්ගලික අංශයේ සේවකයන් හිතුමතේට ඉවත් කිරීම සඳහා ඉඩ ලබාදීමට කම්කරු නීති සංශෝධනය කරන්නටත් සැලසුම් කර ඇති ආණ්ඩුව, ඊට සමගාමීව සේවකයන් සතු වටිනාම අරමුදලක් වන සේවක භාරකාර අරමුදල හෙවත් ඊටීඑෆ් සඳහා අත තැබීමට සූදානම් වී සිටිනවා.

ඒ සඳහා සේවක භාර අරමුදල් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබිලා. මේ ගැන කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙසේ කීවා.

‘අයවැයේදී මුදල් ඇමතිතුමා දැනුම් දුන්නා අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණයට සමාන රක්ෂණාවරණයක් පුද්ගලික අංශ සේවකයන්ටත් ලබාදීම සඳහා යෝජනාවක්. අග්‍රහාර රක්ෂණය රාජ්‍ය අංශයේ සේවකයන්ට සෞඛ්‍ය රක්ෂණය හොඳට ලබාදෙන බව පිළිගැනීමක් තියෙනවා. ඒ තුළින් රාජ්‍ය සේවකයන්ට ලෙඩක් දුකක් ගැහැටක් සිද්ධවෙච්ච අවස්ථාවේදී ලබාගන්න වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් රක්ෂණාවරණයක් ලැබෙනවා. වන්දි මුදල් ප්‍රදානය කරන්න. පුද්ගලික අංශ සේවකයන්ට එක් එක් ආයතනවල ක්‍රමවේද තිබෙනවා, පොදු රක්ෂණයක් නැහැ. ඒ සඳහා සේවක භාරහාර පනත් සංශෝධනය අවශ්‍ය නිසා සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදෙන්න අනුමත වුණා.‘

මෙය බැලූ බැල්මට සේවකයන්ට ‘යහපත්‘ ලෙස පෙනුණත්, සැබෑ ලෙසම කෙරෙන්නේ රක්ෂණාවරණයක මුවාවෙන් සේවක භාර අරමුදලට අත තැබීම. පනතේ අන්තර්ගතය අනාගතයේදී හෙළිදරව් වනු ඇති.