– දෙරණ දර්ශනව මාධ්‍යවේදියෙකු ලෙස හැඳින්වීම වර්ජනය කරයි!
මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමින්, පොලීසිය භාර අමාත්‍ය ටිරාන් අලස්ගේ වංචා දූෂණ පිළිබඳ හෙළිදරව් රැගත් වීඩියෝවක් පළ කරන ලද මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩව ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඔහු විදේශගතව සිට ලංකාවට පැමිණෙන අවස්ථාවේදී.
පොලීසිය භාර අමාත්‍යවරයාගේ වංචා දූෂණ හෙළිදරව් කිරීමෙන් පසු, අමාත්‍යවරයා පොලීසිය යොදා ඔහුගෙන් පළිගැනීම සඳහා උත්සාහයක නිරත වෙන බව ආරංචිමාර්ග පසුගිය කාලසීමාවේ වාර්තා වී තිබුණා. මීට පෙර ටිරාන් අලස් බැංකු ණය ලබාගැනීමේදී වංචා සහගතව හැසිරීම ගැන හෙළි කරන ලද ලංකා බැංකු සේවක සංගමයේ, ලංකා බැංකු ශාඛාවේ හිටපු සභාපති පාලිත ඇටම්පාවල සහ එම ශාඛාවේ ලේකම් ධනංජය සිරිවර්ධන යන අයවත් 2022 අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගත්තා.
දර්ශනව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය අත්අඩංගුවට ගනු ලැබුවේ ටිරාන් අලස්ගේ වංචා දූෂණ ගැන කතා කොට අත්අඩංගුවට පත් වූ තෙවැන්නා ලෙස.
මෙය, මෑත කාලසීමාව තුළ අන්තර්ජාලය පාවිච්චි කරමින් මාධ්‍යකරණයේ නිරත වෙමින් සිට අත්අඩංගුවට පත් වූ තවත් සිදුවීමක්. මේ වන විටත් ප්‍රකට යූටියුබ් නාළිකාවක් පවත්වාගෙන ගිය සේපාල් අමරසිංහ අත්අඩංගුවට පත් කොට ප්‍රසිද්ධියේ ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පාවිච්චි කිරීමේ ක්‍රියාවලියක් දියත් වුණා.
දර්ශන අත්අඩංගුවට ලක් වූ පුවත දෙරණ වෙබ් අඩවිය වාර්තා කරද්දී, ඔහුව ‘මාධ්‍යවේදී‘ යන හැඳින්වීම නැතිව ‘සමාජ මාධ්‍ය ක්‍රියාකාරික‘ යන වචනයෙන් හඳුන්වා තිබුණේ, සහෝදර මාධ්‍ය ආයතනයක් ලෙස මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය නිදහසට එල්ල කරන ලද මරු පහරක් ගැන ඔවුන් එලෙසයි වාර්තා කර තිබුණේ. සේපාල් අමරසිංහට කළ ආකාරයට ඉදිරියේදී දර්ශන හඳුන්ගොඩගේ නාළිකාව පිළිබඳවත්, දෙරණ ආදී නාළිකාවලින් කෙබඳු දේවල් ප්‍රචාරය වනු ඇතිදැයි විශ්වාස නැහැ.
දර්ශන හඳුන්ගොඩ හෙට දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. මෙම පළිගැනීම සාධාරණය කිරීම සඳහා කෙබඳු චෝදනා දර්ශනට ඉදිරිපත් කරනු ඇතිදැයි අධිකරණයේදී බලාගත යුතුයි.


