2023 පෙරබරවාරි 2 වැනිදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස්වීමෙන් පසු පළමුවරට මාධ්‍ය අමතමින් කොළඹදී සිදු කළ ඓතිහාසික ප්‍රකාශය…
මේ රටේ යුක්තියට ගරු කරන, මේ රටේ යහපතක් වෙන්න ඕනෑ කියලා හිතන ආදරණීය වෘත්තිය සමිති, සිවිල් ක්‍රියාකාරීන්, බහුජන සංවිධාන නියෝජිතයන් සම්බන්ධ වෙනවා. මෙවැනි ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සංවිධානය කරන්න හේතුව තමයි, මාස හයකට ආසන්න කාලයක්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පහුගිය අරගලයේ ක්‍රියාකාරීව හිටපු අය දඩයම් කිරීටත්, ඒ වගේම තවත් මර්දන නීති ගෙනල්ලා තවත් විවිධ නඩු පවරලා පහුගිය කාලය පුරාවටම මේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එළවා දැමීම සඳහා රටේ ජනතාව මැදිහත් වෙලා කරපු අරගලයේ හිටපු ක්‍රියාකාරීන් පහුගිය කාලය පුරාවට දැවැන්ත මර්දනයකට ලක් වුණා.
අපි දන්නවා මේ මර්දනය ගැන කතා කරන්න කලින්, මේ අරගලය ආරම්භ වුණේ කොහොමද කියලා නැවත මතක් කිරීමක් කළොත්, ආදරණීය අම්මේ තාත්තේ, හිතවතුන් අපි දන්නවා පහුගිය කාලය පුරාවට ජනතාව මුහුණදුන්න අතිශය දුෂ්කර තත්වයක් තිබුණා. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව, ජීවත්වෙන්න ප්‍රමාණවත් වැටුපක් ලැබෙන්නේ නැතිව, බඩු මිල දරාගන්න බැරිව ජීවත්වෙන්න බැරි වටපිටාවක් පහුගිය කාලයේ නිර්මාණය වුණාට පස්සේ, කිලෝමීටර් ගණන් තෙල් පෝළිම්, ගෑස් පෝළිම්, පැය ගණන් ඉන්න වුණාට පස්සේ මේ රටේ ජනතාව තෝරාගත් මාවත තමයි දණින් වැටෙනවා වෙනුවට තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් සටන් කරලා උත්තර හොයන්න ඕනෑ කියන පාර.
අඛන්ඩ මැදිහත්වීමක් ඇතුළේ පම්පෝරි ගහපු නායකයෝ මන්දිරවල පස්සා දොරින් පැනලා යන මට්ටමටම මේ අරගලය තීව්‍ර වෙලා, දහස් සංඛ්‍යාත ජනතාවකගේ මැදිහත්වීමක් ඇතුළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉවත් කිරීමට අදාල තත්වය නිර්මාණය වෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ උද්දච්ච ජනාධිපතිවරයා, බැසිල් රාජපක්ෂ පන්නා දැමීමට අදාල තත්වය නිර්මාණය වුණා.
ආණ්ඩු ගෙදර ගියාට පස්සේ ආණ්ඩුව කරපු ජනමතයක් නැති ජනතාව පරාජය කරපු පොහොට්ටුවේ ඉතිරි හෙංචයියන් මොකද කළේ, රනිල් වික්‍රමසිංහ කියලා දොරටුපාලයෙක් ගෙනල්ලා තමන්ගේ හිටපු රජවරු ටික ආරක්ෂා කරගන්න අදාල මැදිහත්වීම කළා.
හැබැයි මේ ජයග්‍රහණ ගොඩක් සමාජයට එකතු කරමින්, මහජන අරගලය ඇතුළේ ලබපු ප්‍රධානම ජයග්‍රහණය තමයි මහජන බලයට සියල්ල යටයි කියන එක වඩ වඩාත් මේ සමාජයට තහවුරු කළා. මේ අරගලයේ එක අදියරක් ඉවරවෙන තත්වයක් ඇතුළේදී, අපි දැක්කා පහුගිය කාලයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමිට අදාල කටයුතු කළා.
අගෝස්තු 18 වැනිදා වරෙන්තුවක් තියෙනවා කියලා අත්අඩංගුවට අරගෙන, ගල්වැව සිරිධම්ම හිමි, මම සහ ජීවන්ත සහෝදරයා අත්අඩංගුවට අරගෙන බොරු නඩු පවරලා සාක්ෂි හොයනවා කියලා, බොරු සාක්ෂි නිර්මාණය කරලා දැවැන්ත මැදිහත්වීමක් අරගෙන ගියා වසර ගණනක් අපව සිර කිරීමට අදාලව. අපව සිර කිරීම කියලා කියන්නේ තනි පුද්ගලයෙක් මත ගෙනාව අරගලයක් නෙවෙයි.
මේ සමාජයටම, ‘සටන් කළොත් උඹලාට වෙන්නේ මේකයි, ආයේ පාරට බැස්සොත් වෙන්නේ මේකයි‘ කියන එක ඒත්තු ගන්වන්න තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරුවේ.
මේ තිර පිටපත ලියද්දී, මේ තිර පිටපතේ තිබුණේ මෙහෙම අපව නිදහස් කරන්න නෙවෙයි. ආණ්ඩුව උත්සාහ කළේ හැකි නම් අපව ඝාතනය කරන්න. වසර ගණනක් අපව හිරේ තියන්න. හැබැයි මේ රටේ ජනතාව කරපු අඛණ්ඩ මැදිහත්වීමක් ඇතුළේ මර්දනය ඉස්සරහා දණගහනවා වෙනුවට ඒකට විරුද්ධව සටන් කිරිම ඇතුළෙ නීතිඥ සහෝදරවරු, වෘත්තිය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරු, බැංකු සේවකයෝ, ගුරුවරු, ඒ වගේම සියලු සිවිල් ක්‍රියාකාරීන්, ඒ වගේම එකිනෙකා දහස් සංඛ්‍යාත මේ රටේ අම්මා තාත්තලා. අපි දැක්කා අභියාචනා අත්සන් කරපු අම්මා තාත්තලා, දිවුරුම් පෙත්සම් අත්සන් කරපු අම්මා තාත්තලා, උසාවි එද්දී දවසක් ගාණේ බලන්න ආපු අම්මා තාත්තලා. දවස් 161ක් හිරේ දාගෙන ඉද්දී කැමක එකක් හරි අරගෙන ආපු අම්මලා තාත්තලා, පෝස්ට් එකක් හරි ෂෙයා කරලා මර්දනයට එරෙහිව සටන් කරන්න ඕනෑ කියලා කියපු අම්මලා තාත්තලා, කඳුළු ගෑස් කාගෙන, බැටන් පොලු කාගෙන දවස් ගණන් මහ අව්වේ අම්මා තාත්තලා, නගර නගර ගාණේ ගිහිල්ලා දැනුවත් කරපු අම්මා තාත්තලා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ආදී සියලුදෙනා කරපු අරගලයක් ඇතුළේ ආණ්ඩුවට හම්බවෙලා තියෙනවා, අධිකරණයේ ඒ ගෙනාව ඓතිහාසික සටන ඇතුළේ අපව නිදහස් කරන්න ඕනෑ කියන සාකච්ඡාව ඇවිල්ලා, නිදහස ලබලා තියෙනවා.
හැබැයි අපි මතක් කරන්න ඕනෑ මේ තිර පිටපතේ තිබුණේ අපව නිදහස් කරන්න නෙවෙයි. අපව ගිය අවුරුද්දේ අගෝස්තු 18 වැනිදා අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයේ පිරිසක් විසින්. මාව අත්අඩංගුවට ගන්න වෙලාවේ, අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ විශේෂ පොලිස් ඒකකයේ ඒඑස්පී මහින්ද විලෝආරච්චි කියන පුද්ගලයා. ඔහු වරෙන්තුවකට කියලා අත්අඩංගුවට අරගෙන මාව පෑලියගොඩ පොලීසියට අරගෙන යනවා. ගිහිල්ලා කිසිම පැහැදිලි කිරීමක් නැතිව පොලීසිය ඇතුළේ හංගලා වගේ තියලා අනිත් පහුවදා පාන්දරම, කවුරුත් අවදි වෙන්නත් කලින්, සිවිල් පිට රෙද්දකින් වහගෙන වාහනේක දාගෙන අරගෙන යනවා එඬේරමුල්ල පොලීසියට. එඬේරමුල්ල පොලීසියට අරන් යනකොට සියලු සැකකරුවන් පොලීසියෙන් අයින් කරලා අපිව විතරක් ගේන නිසා, එඬේරමුල්ල පොලීසිය හිස් කරලා අමුතු විදියකට අරගෙන ගියා.
අරන් ගිහිල්ලා, ඒඑස්පී මහින්ද විලෝආරච්චි කියන පුද්ගලයා මේසෙක ඉඳගෙන, පිස්තෝලයක් මගේ පැත්තට හරවලා, පේන්න තියලා විජේවීර වුණ දේ උඹට මතකද? විජේ කුමාරතුංගට උඹට මතකද? ඒ නිසා උඹටත් ඒ ටිකම තමයි අපට කරන්න ඕනෑකම තියෙන්නේ. හැබැයි මේ තත්වය නිසා උඹව ඝාතනය කරන්න විදියක් නැහැ. ඒ නිසා ‘තැපලා අවුරුදු දෙකකින් විතර වරෙන්‘ කියලා ඒඑස්පී මහින්ද විලෝරආරච්චි කියනවා. එහෙම කියලා ඉවරවෙලා, මරනවා කියලා තර්ජනය කරලා අපිව දිගින් දිගටම රඳවා ගැනීම කළා.
උසාවියට ඉදිරිපත් කරනවා කියලා, ප්‍රශ්න කිරීම් කරන්නේ නැතිව කොහෙටවත් අදාල නැති පොලීසියක් ඇතුළේ අපව එහෙම දිගටම තියාගත්තා.
ඊට පස්සේ කවුරුත් දන්නේ නැති විදියට වෙරළබඩ පොලීසිය පැත්තේ තියෙන පොලිස් නේවාසිකාගාරයකට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා පොලිස් නේවාසිකාගාරයේ බිම් මහලේ යට තට්ටුවට, කළුවර කාමරයට දාලා කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නැතිව රෙදිවලින් වහලා දාලා පැය ගාණක් අපව තියනවා.
අපි මේ ප්‍රශ්න ඔක්කෝම කියන්නේ යුක්තිය සම්බන්ධ කාරණයේදී මේ රටේ ජනතාව සියල්ල දැනගන්න ඕනෑ.
දවස් ගාණක් මෙහෙම රවුම් ගහලා, තර්ජනය කරලා, මරනවා කියලා, අවසාන කෑමවේල කන්න ඕනෑද කියලා අහලා, තර්ජනය කරලා මොකද කරන්නේ? අපට නීතිඥවරයෙක් හම්බවෙන්න බැරි විදියට, සිවිල් සංවිධාන නියෝජිතයෙක් හම්බවෙන්න බැරි විදියට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අපව බලන්න එනකොට අපිව කොහේහරි අරන් ගිහිල්ලා තියලා තියෙන්නේ කියලා වෙන විදියට අවශ්‍ය සියලු දේවල් සැලසුම් කළා පෑලියගොඩ පොලිස් ස්ථානයේ.
එකපාරම 21 වැනිදා උදේ වරුවේදී මේ පොලීසියේ කට්ටිය මොකක කරන්නේ, අපව වාහනයක දාගෙන අරගෙන යනවා නවගමුව දේවාලය ළඟ තියෙන වාහන පාක් එකෙන් අඩි දහයක් විතර පහළට බැස්සාම තියෙන පාළු ගඟ අයිනට.
ගිහිල්ලා රෙද්දකින් ඔතලා, මාංචුත් දාලා, ආයුධ ටික වටේටම දාලා තියලා ඉවරවෙලා දුරකතන ඇමතුම් ලබාගන්නවා ඒ ගිය ආරක්ෂක නිලධාරියා, ‘සර් අපි අදාල තැන්වලට ඇවිල්ලා ඉන්නේ අපි මොකද කරන්න ඕනෑ‘ කියලා.
එහෙම වාහනයක් සැක සහිතව ඒ නවගමුව දේවාලයේ වාහන පාක් එකට පහළ ගඟ අයිනේ නතර කරලා තිබුණාට පස්සේ නවගමුව දේවාලයේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ මහත්තයා ඇවිල්ලා බලනවා සැක සහිත වාහනයක් ඇයි මෙතැන තියෙන්නේ කියලා. එහෙම වුණාම අපව අරගෙන ගිය පොලිස් නිලධාරියා මොකද කියන්නේ? ‘යකෝ අරූ එනවා, ඌ එන්න කලින් ඉක්මනට එළවපන්‘ කියලා.
එතකොට නවගමුව පොලීසියේ අයවත් දන්නේ නැහැ අපව ඇයි අරගෙන ගිහිල්ලා අර දේවාලේ ළඟ ගඟක් පල්ලේ දාගෙන හිටියේ කියලා.
නිශ්චිත නිලධාරියෝ කිව්වා, පහුගිය කාලේ පාතාලයේ කියලා නම් ප්‍රසිද්ද කරපු බොහෝ අය ඝාතනය කළේ අපි මෙහෙමයි කියලා.
විශේෂයෙන්ම මධුෂ් කියන අයගේ නම කියලා කියනවා, අපි මධුෂ්ව ඝාතනය කළේ මෙහෙම. දවස් ගාණ ඉවරවෙලා ඉද්දී ප්ලෑන් කළේ මෙහෙම. සීසීටීවී නැති තැන හෙව්වේ මෙහෙම. අපි මෙහෙම තමයි ෂූට් කළේ. ඒ නිසා වැඩිපුර සද්දේ දාන්න එපා කියලා කිව්වේ. ඉතාම වගකීමෙන් අපි මේවා කියන්නේ.
මෙහෙම කරද්දී, පැය හැත්තෑදෙකක් රඳවා තබාගැනීමක් කළා, කිසිම උසාවියකට ඉදිරිපත් කිරීමක් කරන්නේ නැතිව.
අපට තියෙන ප්‍රශ්නය තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රැඳවුම් නියෝගයකට අත්සන් කරනකල්, දවස් තුනක් පොලීසිය කළේ කොහොමද අපව ඝාතනය කරන්නේ කියලා, කොහොමද අපිව දණගස්වන්නේ කියලා අදාල සැලසුම් කරපු එක.
එතකොට මේ ප්‍රශ්නයේදී අපි අහනවා පොලිස්පතිවරයාගෙන්, පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන්, දැන් අපිව විමර්ශනයකට අත්අඩංගුවට ගත්තා නම්, නවගමුව දේවාලයේ වාහන පාක් එක, නවගමුව දේවාලයේ තියෙන ගඟ අයින, වෙරළබඩ පොලීසියේ තියෙන පොලිස් නිවාසයේ බිම්මහල, එතකොට එතැනින් ගිහිල්ලා එඬේරමුල්ල පොලීසිය පිටිපස්සේ තියෙන කැළෑව, ඒවා විමර්ශන ස්ථානද? අපි අහනවා ඒවා විමර්ශන ස්ථානද? පොලීසියට තියෙන අයිතිය මොකක්ද අපව අරගෙන යන්න එහෙම.
පෑලියගොඩ පොලීසියෙන් අපව අත්අඩංගුවට ගත්තා නම්, පෑලියගොඩ පොලීසියේ තියලා, නීතිඥවරුන්ට දීලා අවශ්‍ය අවකාශය හදලා විමර්ශන කරන්න ඕනෑ. අපි අහනවා නිශ්චිත විමර්ශනයක් පොලීසිය දෙන්න ඕනෑ. ඒ වගේම ටීඅයිඩී එක උත්තර දෙන්න ඕනෑ ඇයි දැන් තැන් තැන්වලට අරන් ගියේ, ආයුධ පෙන්නලා කතා කළේ, තර්ජනය කළේ ඇයි කියලා පැහැදිලි කරන්න ඕනෑ.
මේක පැහැදිලිව ඝාතනය කරනවා කියලා කුමන්ත්‍රණය කරපු එකක්. ඝාතනය කරනවා කියලා උදම් අනපු මේ පොලීසිය මෙහෙම තමයි මැදිහත් වුණේ. මෙහෙම කරලා ඉවරවෙලා, රැඳවුම් නියෝගයක් අත්සන් කරලා අපිව භාරදෙනවා ත්‍රස්ත මර්දන ඒකකයට. ඒ ඒකකයේ ඒඑස්පී රත්නායක කියන නිලධාරියා තමයි විමර්ශන භාර ගත්තේ.
මේ ටීඅයිඩී එකේ විමර්ශනය භාරව හිටපු ඒඑස්පී රත්නායක කියලා කියන්නේ ආමි සුරංග නමැති සැකකරු අත්අඩංගුවට ගත්තාට පස්සේ අත්අඩංගුවේ සිටියදී ඔහුව ඝාතනය කිරීමට අදාල නඩුවක ප්‍රධාන චූදිතයා තමයි ඒඑස්පී රත්නායක කියන පුද්ගලයා. එතකොට දැන් මේක මාර විහිලු සහගත කාරණය තමයි ආමි සුරංගලාව ඝාතනය කිරීමට අදාල ප්‍රධාන චූදිතයාව තමයි මේ කිසිම සාක්ෂියක් නැති නඩුවක් ඔප්පු කරන්න කියලා, සාක්ෂි හොයන්න කියලා මේකට අදාලව මේ විමර්ශන කරන්න කියලා දාන්නේ. එක පැත්තකින් පෑළියගොඩ පොලීසියේ ඒඑස්පී මහින්ද විලෝරආරච්චිලා, ඒඑස්පී රත්නායකලා මැදිහත් වෙද්දී, ආදරයෙන් කියනවා, පොලීසියේ සහෝදර සහෝදරියන් විශාල පිරිසක් අපිව ආරක්ෂා කළා. හොර පාරෙන් වෙන වෙන පොලීසිවල ගිහිල්ලා කැලෑ අස්සේ අපිව දානකොට ඒ පොලීසිවල හිටපු සහෝදර සහෝදරියන්ම විශාල ප්‍රමාණයක් අපව ආරක්ෂා කරපු නිසා තමයි අදටත් අපට ඔබ ඉස්සරහා මේ විදියට කතා කරන්න හැකි වුණේ.
ඒ නිසා අපි මේ ඇඟිල්ල දික් කරන්නේ පොලීසියේ ඉන්න සහෝදර සහෝදරියන් සියලුදෙනාට නෙවෙයි. තරු පටි ගහගන්න, දේශබන්දුලාගේ කුක්කෝ විදියට ඉන්න, ටිරාන් අලස්ලාගේ කුක්කෝ විදියට ඉන්න, අදටත් පරාජිත රාජපක්ෂලාගේ රූකඩ විදියට ඉන්න අතොලොස්සක් ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන් තරු පටි ගහගෙන අදටත් කඩේ යන පොලීසියේ කිහිපදෙනෙක් තමයි මේ මැදිහත්වීම කළේ.
එහෙම දවස් අනූවක් විමර්ශනය කරලා බැලුවා, අනේ විහිළු සහගත කාරණය තමයි කිසිදු සාක්ෂියක් නැතිලු. රිමාන්ඩ් කරලා, තව දවස් මාස ගාණක් කරලා බැලුවාට පස්සේ ඒත් සාක්ෂි නැහැලු. පොලීසිය ඊට පස්සේ ඉදිරිපත් කළා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක්. ඔබ නඩු විභාගයේදී, නඩු නියෝගයේදී ඔබ දකින්න ඇති සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවේ ඉදිරිපත් කරලා තිබුණ කරුණු.
දැන් පොලීසිය මොකක්ද කරලා තියෙන්නේ, ත්‍රස්ත මර්දන ඒකකය කරලා තියෙන්නේ, ටිරාන් අලස්ගේ වුවමනාවට අපව රඳවා තබාගන්න බොරු සාක්ෂි නිර්මාණය කරපු එක. කැරළි මර්දන ඒකකයේ අජන්ත රොද්‍රිගු කියන නිලධාරියා බොරු සාක්ෂියක් දීලා තියෙනවා බෙල්ලෙන් ඇදන් ගිහිල්ලා මරන්න උත්සාහ කළාලු. ඒඑස්පී අජන්ත රොද්‍රිගු කියලා තනි පුද්ගලයෙක්ව මරන්න උත්සාහ කරලා තියෙනවා නම් පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී, අපි අහනවා අනෙක් කට්ටිය මොනවාද කළේ? අනෙක් පොලීසියේ මහත්තුරු කොහෙද හිටියේ. ඒක වෙලා තියෙන්නේ අජන්ත රොද්‍රිගු කියන තනි පොලිස් නිලධාරියා විතරයි, අනෙක් කවුරුත් එතැන හිටියේ නෑ. ඒක දැකපු වෙන කවුරුත් පොලීසියේ නෑ. මාර විහිළු සහගතයි.
මේ වගේ බොරු සාක්ෂි නිර්මාණය කරලා අපව එකදිගට අත්අඩංගුවට පත් කරලා තියාගැනීම තමයි ආණ්ඩුවේ සැලසුම බවට පත් වෙලා තිබුණේ.
ආණ්ඩුවේ සැලසුම එහෙම තිබුණාට දැන් සියලුදෙනා කරපු මැදිහත්වීම ඇතුළේ නිදහස් වෙන්න අදාල වටපිටාව අපට නිර්මාණය වුණා. හැබැයි තාම මර්දනය නතර කරලා නෑ. මර්දනය කරන්නේ කොහොමද කියල තාමත් සැලසුම් කරමින් ඉන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කියන්නේ කුරිරු පනතක්, ම්ලේච්ඡ පනතක්, අහෝසි කරන්න ඕනෑ පනතක්, ඒක අහෝසි කරන්න අඛණ්ඩ මැදිහත්වීම අපි කරන්න ඕනෑ.
අපව නිදහස් කළා කියලා ටටා බායි, මේ අරගලය අතෑරලා හැරිලා යන්න සූදානම් නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනතුරු මේ අරගලය අඛණ්ඩව ඉදිරියට යනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කරනතුරු, මේ අඛණ්ඩ අරගලය ඉදිරියට යනවා. ඒ වගේම බොරු චෝදනා දාලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරන් ඉන්න උතුරේ සහෝදරවරු, දකුණේ සහෝදරවරු සියලුදෙනා නිදහස් කරගන්න මේ අඛණ්ඩ අරගලය ඉස්සරහට යනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කුරිරු පනතක් කියලා කියන්නේ, අපවම සිරගත කරලා තිබුණ විදිය. ඔබ දන්නවා ලංකාවේ ප්‍රසිද්ධ නඩුවක් තමයි ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ නඩුව. ස්නයිපර්කරුවෙක් අතින් ඔහු වෙඩි තියලා ඝාතනය කරද්දී, කුලී වැඩ කරලා අතු කපන කෙනෙක් එනවා ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගෙදරට. ඒ අතු කපන කෙනා කුලියට ඇවිල්ලා අර වෙඩි තියපු ස්ථානය පේන තැන තියෙන අතු ටික කුලී වියදමට කපලා යනවා. ඒ කපලා ගියාට පස්සේ ඒ කපලා ගිය පුද්ගලයා, ඔහු කුලියට වැඩ කරන කෙනෙක්, ඔහුව අත්අඩංගුවට අරගෙන අවුරුදු ගාණක් හිරේ තියාගෙන හිටියා. දැනට අවුරුද්දකට කලින් හිර ගේ ඇතුළේදීම කිසිම විභාගයක් නැතිව, කිසිම සාක්ෂියක් නැතිව හිර ගේ ඇතුළේදී මිය යනවා.
අපි අහනවා ඒවා අසාධාරණ නැද්ද? කිසිම සාක්ෂි නැතිව, කිසිම නඩු විභාගයක් නැතිව, කිසිදු ඔප්පු කිරීමක් කරගන්න බැරිව, එවැනි සිදුවීම්.
කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා පහුගිය කාලේ හොඳ සැප විඳිනවා ආණ්ඩුවේ ඔඩොක්කුවල හුරතල් වෙවී. නායකයන්ගේ ඔඩොක්කුවල හුරතල් වෙවී සුරසැප විඳිනවා. හැබැයි ඔවුන්ගේ අත්සනින් නිකුත් කරපු අයිඩෙන්ටියක් ළඟ තබාගත්තා කියලා තවමත් අපට හිරකරුවන් හම්බවෙනවා. අයිඩෙන්ටි නිකුත් කරපු පිල්ලෙයාන්ලා, කරුණා අම්මාන්ලා හැම ආණ්ඩුවේම ඔඩොක්කුවල කුක්කෝ විදියට හුරතල් වෙද්දී ඔවුන් නිකුත් කරපු අයිඩෙන්ටියක් ළඟ තබාගත්තා කියලා තවමත් සිරගත වූ සහෝදර සහෝදරියන් ඉන්නවා.
අපි කියනවා මේ පනත ම්ලේච්ඡයි. කුරිරුයි. මේ පනත අහෝසි කරනකල්, සියලුදෙනා නිදහස් කරනකල් මේ සටන අඛන්ඩව ඉස්සරහට යනවා. ඒ වගේම ආණ්ඩුවට කියනවා, පනත අහෝසි කරනවා කියලා මේ පනතේ නම වෙනස් කරලා, පීටීඒ කියන නම අයින් කරලා, ඒ නීති ටිකටම වෙන නමක් දාන්න කියලා නෙවෙයි මේ කියන්නේ.
අපට ආරංචියි ඒකලු කරන්න යන්නේ. අපි ඒකට ලෑස්ති නෑ. අපි සියලුදෙනා මේකට විරුද්ධව අඛණ්ඩව අරගල කරනවා කියලා මතක් කරනවා.
අපි දන්නවා, ඒකේ ඉන්නවා තවමත් රාජ්‍ය සාහිත්‍ය සම්මාන දෙපාරක් ගත්ත අරූරන්. ඔවුන්ව නිදහස් කිරීමට දැනටත් තත්වයක් නෑ. බරපතල ඛේදවාචකයක්.
අපි සියලු අම්මා තාත්තාට කියනවා, හදවත විවෘත කරලා විවෘතව මේ ප්‍රශ්නය බලමු. අපට රැඳවුම් නියෝග ගහපු මේ පනතෙන්ම, තවත් අවුරුදු 15ක් තිස්සේ සිරගෙත වෙලා ඉන්න සහෝදරවරුන් ඉන්නවා. ඒ නිසා මේ අරගලය අඛණ්ඩව යනවා.
අපට ත්‍රස්තවාදියෝ කියලා ලේබල් ගහපු රනිල් වික්‍රමසිංහලා තමයි ත්‍රස්තවාදීන් කියලා අපි කියනවා.
1977 ඡන්දෙන් පස්සේ පොලීසිවලට නිවාඩු දීලා ජේආර් මාමයි, රනිල් වික්‍රමසිංහ බෑණාලායි ඒ වෙනකොට හිටපු විපක්ෂයේ බලය අඩු වුණාට පස්සේ විපක්ෂයේ හිටපු සියලුදෙනාගේ ගෙවල්වලට ගිනි තිබ්බේ කවුද, රනිල්-ජේආර් බෑණයි පුතයි. යාපනය පුස්තකාලෙට ගිනිතිබ්බේ ඒ මාමයි-බෑණයි. සාමෙ නම් සාමේ, යුද්ධෙ නම් යුද්ධේ කියලා කළේ ඒ මාමයි බෑණයි.
ත්‍රස්තවාදය ඔවුන් වපුරලා, අපට ලේබල් ගහනවා ත්‍රස්තවාදීන් කියලා. රටේ ප්‍රශ්න කතා කරනවාට කියන්නේ ත්‍රස්තවාදය කියලා නම්, රටේ ප්‍රශ්න කතා කරන කෙනාට කියන්නේ ත්‍රස්තවාදියා කියලා නම්, අපි ලෑස්තියි ඒ ලේබල් එකෙන් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන්න.
අපි ඒක වඩ වඩාත් ජවසම්පන්නව ඉදිරියේදී මේ අරගලය අඛණ්ඩව සියලුදෙනා වෙනුවෙන් කරනවා කියලා.
අපි දන්නවා මේ මොහොතේ බරපතල අර්බුදයක මේ සමාජය ගෙවෙමින් තිබෙන්නේ. අපි දන්නවා උසස්පෙළ ශිෂ්‍යයන්ට මේ මොහොතේ ජීවිතයේ ප්‍රධාන කඩඉමක් වුණ විභාගය ලියාගන්න විදියක් නෑ. තමන්ගේ දරුවාට බිත්තර බාගයක් එක්ක කෑම එකක් පාසල් කෑම වේලට යවන්න දෙමාපියන්ට පුළුවන්කමක් නෑ. අපි දන්නවා තමන්ගේ වාහනයට තෙල් ටික ගහගන්න විදියක් නැතිව, තමන් ලබන වැටුප ප්‍රමාණවත් නැතිව, ඒ වගේම බදු ප්‍රශ්නය නිසා වෘත්තිකයන් මහපාරට ඇදලා දාන්න තරම් ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. තරුණයෝ රට දාලා යන තැනට පත්වෙලා තියෙන්නේ. ගොවියා කම්මුතුවෙලා තියෙන්නේ. ගොවියා විනාශ වෙලා ඉන්නේ.
තුන්වේල කන එකම අභියෝගයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ එළවපු අරගලය ජයග්‍රහණය කළා වගේම මේ සමාජය වඩා යහපත් තැනක් බවට පත්කරන අරගලය අඛණ්ඩව තියෙනවා. මේ බඩු මිල සම්බන්ධ ප්‍රශ්නය, බදු බර සම්බන්ධ ප්‍රශ්නය, මර්දනය සම්බන්ධ ප්‍රශ්නය, වැටුප් ප්‍රශ්නය, ගොවියාගේ ප්‍රශ්නය, ධීවරයාගේ ප්‍රශ්නය, කම්කරුවාගේ ප්‍රශ්නය, කාන්තාවගේ ප්‍රශ්නය, මේ සියල්ල ඉස්සරහට එක පෙළට අරගෙන සටන් කළ යුතුව තියෙනවා.
මෙවැනි පසුබිමක තමයි, අරගලය අවශ්‍ය වෙලාවක තමයි ඡන්දයක් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අපි දන්නවා මාර්තු නවය ඡන්දයක් එනවා. අපි විශ්වාස කරනවා ප්‍රජාතන්ත්‍රවාදය විමසා බැලීමට නම් ඡන්ද පැවැත්විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද පැවැත්විය යුතුයි.
හැබැයි මාර්තු 9 ඡන්දය තියලා, ඒ ප්‍රතිඵලයෙන් පස්සේ මාර්තු 10 අපේ ජීවිත කොහොමද? අපි අහනවා අම්මා තාත්තාගෙන්, ඡන්දය පවත්වන්න ඕනෑ ව්‍යවස්ථවට අනුව, ප්‍රජාතන්ත්‍රවාදය විමසා බලන්න ඕනෑ. හැබැයි මාර්තු 9 තිබ්බාට පස්සේ මාර්තු 10 මොකද වෙන්නේ, අපේජීවිතවල ප්‍රශ්න ටික විසඳෙනවාද?
ඡන්දෙත් දාන්න, හැබැයි කල්පනා කරන්න, ඕනෑ පක්කලි ආණ්ඩුවක් දණගස්වන්න පුළුවන, ඕනෑ අයිතිවාසිකම් දිනාගන්න පුළුවන්කම තියෙන්නේ මහජන මැදිහත්වීම ඇතුළේ, මහජන සංවිධානය වීම ඇතුළේ, ඒක වඩ වඩාත් සාක්ෂාත් වෙලා තියෙනවා පහුගිය කාලයේ ලංකාවේ ක්‍රියාත්මක වුණ ඓතිහාසික අරගලය ඇතුළේ.
ආණ්ඩු කොහොම පත් වුණත්, කවුරු කොහොම බලයට ආවත් අපේ ප්‍රශ්න එහෙමම තමයි. අපි කියනවා අවුරුදු 74ක් පිටිපස්සට නැවත හැරිලා බලන්න, හෘදය සාක්ෂියට තට්ටු කරලා බලන්න. අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු කරලා, ඒ ආණ්ඩු හරියන්නේ නැහැ කියලා හැමදාම කම්පා වුණ ඉතිහාසයක් තියෙන්නේ.
ඡන්දෙත් භාවිතා කරන්න. හැබැයි මේ සියල්ලට ඉහළින් තියෙන්නේ මහජන බලය. ඒ නිසා තමයි ලක්ෂ 69ක් ගත්ත ගෝඨාභය රාජපක්ෂ එළවන්න පුළුවන් වුණේ.
ගෝඨාභය රාජපක්ෂ එළවන්නේ කොහොමද කියලා පාර්ලිමේන්තුව ඇතුළේ සාකච්ඡා වුණේත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් එළවාගන්න පුළුවන්කම තිබුණේත් නැහැ. අදටත් ඒ පාර්ලිමේන්තුව සේවය කරන්නේ අපට නෙවෙයි. ඒ නිසා මේ පුළුල් මහජන මැදිහත්වීමක් ඇතුළේ අපි විශ්වාස කරනවා, මේ අරගලය ඉස්සරහට යන්න ඕනෑ.
ගෝල්ෆේස් අරගලකරුවන් විදියට ගෙනාව ක්‍රියාකාරී සැලැස්මක් තියෙනවා. ඒ ක්‍රියාකාරී සැලැස්ම ඇතුළේ මහජන කවුන්සිල කොහොමද ගොඩනගන්නේ, ජනතාව කොහොමද පාලනයට සම්බන්ධ වෙන්න ඕනෑ, නව ව්‍යවස්ථා දිනා ගන්නේ කොහොමද, නව ව්‍යවස්ථා කොහොමද වෙන්න ඕනෑ, ආර්ථික ප්‍රශ්නය විසඳන්නේ කොහොමද, හොරාකාපු සල්ලි ගේන්නේ කොහොමද? ඒවාට තියෙන වැඩපිළිවෙලක් මොනවාද? කොහොමද ඒක කරන්න පුළුවන්, ඒ වගේම මේ තක්කඩි ටික ඔක්කෝම විගණනය කරන්නේ කොහොමද? මේ පුළුල් සාකච්ඡාවක් පහුගිය අරගලය ඇතුළේ අරගෙන තිබුණා. මේ සාකච්ඡාව වඩ වඩාත් ඕනෑ කරලා තිබුණා.
ආදරණීය අම්මේ, තාත්තේ අපි මේ අරගලය ඉදිරියට අරගෙන යමු. අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමු. සැබෑ ජනතාවගේ මැදිහත්වීමක් ඇතුළේ ඕනෑම ආණ්ඩුවක් දණගස්වන, ඕනෑම තීරණයක් දිනාගන්න පුළුවන් වන, ඕනෑම අයිතියක් තහවුරු කරන්න පුළුවන් විදියේ බලයක් නිර්මාණය කරන්න අඛන්ඩ මැදිහත්වීමක් කරමු.
අපව අහන සියලුදෙනාට අපි ඉතාම ආදරණීය ලෙස ආරාධනා කරනවා, හොඳ හෙටක් හදමු. ඒ සඳහා අඛන්ඩව මැදිහත්වෙමු. මර්දනය ඉස්සරහා දණගහන්නේ නැතිව, වඩා නව මුහුණුවරවල් භාවිතා කරමින් අඛණ්ඩව අරගලය ඉස්සරහට යමු. අපි ආණ්ඩුවට කියනවා, ඉතාම ඕනෑකමින්, ආණ්ඩුව හිතනවා නම් අරගලය ඉවරයි කියලා, ඉවර කරන්න පුලුවන් කියලා, අපි කියනවා නෑ. මේ අරගලය වඩාත් ජවසම්පන්නව, නැවතත් මේ අරගලය ආරම්භ වෙනවා කියලා මතක් කර සිටිනවා.
ඔබ සියලුදෙනාට ස්තූතියි.