නිදහස් දින පුහුණුවීම් වලට යමින් සිටි STF බස් තුනක් ගැටේ!

75 වන නිදහස් උත්සවය පුහුණුවීම් කටයුතු සඳහා යමින් සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් රැගත් බස්රථ 3 ක් එකිනෙක ගැටීම නිසා බස් රථ තුළ සිටි සෙබලු 9 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර කළ බව පානදුර දකුණ පොලිසිය පවසා ඇත.

අදාල බස් රථ කළුතර කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සිට කොළඹ බලා පැමිණෙමින් සිටියදී මෙලෙස එකිනෙකට ගැටී ඇති බවත් අනතුරෙන් තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවත් පොලිසිය පවසා ඇත.