රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට පෙබරවාරි 01 වන රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන ඇති කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පොලිස් ඇප මත මුදාහැර ඇති බව ලීඩර් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් පැදවූ වාහනයක් ඊයේ (01) සවස 5.30 ට පමණ කොළඹ ආමර් වීදියේදී පාර අයිනේ නවතා තිබු යතුරු පැදියක ගැටී ඇති අතර යතුරු පැදියේ සිටි පුද්ගලයා තුවාල ලබා ඇත.
අනතුරුව පියතුමන් වහාම තුවාලකරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර කොටහේන පොලිසියට ගොස් අනතුර සම්බන්ධයෙන් දැනුම්දී තිබේ. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ජාතික රෝහලෙන් කළ විමසීමකදී තුවාලකරුගේ කොඳු ඇට පේලියේ ඉල ඇට දෙකක් බිඳී ඇතිබවට වාර්තා වීමත් සමග සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අත්අඩංගුවට ගෙන ඇත.