මීට පෙර සතියේදී මැතිවරණ කොමිසමේ සාමාජික පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා කර තිබුණු ලංකාදීප පුවත්පත පෙබරවාරි 01 වන දින පුවතක් පළ කරමින් චාල්ස් මහත්මිය ඉල්ලා අස් වී නැති බවත් මැිවරණ ගැසට්ටුවට අත්සන් කර ඇති බවත් පවසා ඇත.
පසුගිය ජනවාරි 25 වැනි දින ලංකාදීප පුවත්පත සදහන් කර තිබුණේ චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා අස්වන බවට වූ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවය.
එසේ තිබියදී චාල්ස් මහත්මිය ජනවාරි 31 දින මැතිවරණ කොමිසම යවන ලද ගැසට් පත්‍රයට අස්සන් කොට ඇති බවය.
අද ලංකාදීපය පළ කළ පුවත
මැතිවරණ ගැසට්ටුවට චාල්ස් අත්සන් කරලා!
(රංජන් කස්තුරි)
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකත්වයෙන් පී.එස්.එම්.චාල්ස් මහත්මිය ඉවත් වී නැතැයි මැතිවරණ කොමිෂන් සභාව ආරංචි මාර්ග කියයි.
පළාත් පාලන මැතිවරණයට අදාල ගැසට් නිවේදනයක් මුද්‍රණයට යවා තිබෙන අතර ඊට චාල්ස් මහත්මිය ද අත්සන් යොදා ඇතැයි ද දැනගන්නට ඇත
තරුණ ඡන්ද සම්බන්ධ තොරතුරු ඇතුළත් එම ගැසට් නිවේදනයට චාල්ස් මහත්මිය අත්සන් තැබූ බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ද තහවුරු කළේය.
ජනවාරි 25 දින ලංකාදීපය පළ කළ පුවත!
මැතිවරණ කොමිසමේ සාමාජිකාවක් ඉල්ලා අස්වෙයි!
(අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.
චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම් පත් කැඳවීම සඳහා අද( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.
Read more: චාල්ස් අස්වුණා යැයි පුවත් පළ කළ ලංකාදීප, දැන් අස්වුණේ නැති බව කියයි.