මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහි චෝදනා පත්‍රයේ අඩංගු කරුණු මොනවාදැයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විමසූ විට, එම කරුනු කැබිනට් මණ්ඩලයේ රහස්‍යභාවයට යටත් වන බැවින් ප්‍රකාශ කළ නොහැකියැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේ කීය.
‘සමහර රාජ්‍ය නිලධාරීන් ගන්න තීන්දු තීරණ නිසා තමයි රට මේ තත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ තත්වයට සියලු පාර්ශ්වයන් වගකියන්න ඕනෑ. රජය, පාර්ලිමේන්තුව ආදී. උපයෝගීතා කොමිසමේ සභාපතිතුමා අනෙක් සාමාජිකයන් සියලුදෙනාට බැහැරව තනි බලයක් අතට අරන් ක්‍රියාත්මක කරනවා නම් ඒ පිළිබඳ කරුණු විදුලිබල ඇමතිවරයා ඉදිරිපත් කරලා තියෙනවා. මොනවද චෝදනා කියලා රටට කියයි.
කැබිනට් එකේ ඔක්කොම ප්‍රකාශ කැබිනට් රහස්‍ය සාකච්ඡාවක්නේ. ඒක කියන්න මට අයිතියක් නැහැ. මට වගකීම පැවරිලා තියෙන්නේ කැබිනට් පත්‍රිකාවලින් රටට වැදගත් වෙන සියල්ල මුද්‍රිතව බෙදා හරිනවා. ඊළඟට කැබිනට් මණ්ඩලයේ බොහෝ කරුණු සාකච්ඡා වුණාත්, කැබිනට් පත්‍රිකාත් රහස්‍ය ලේඛන. එතැනම තියලා එන්න ඕනෑ. ඒ රහස්‍ය තීරණ සියල්ල ජනතාවට කියන්න පුළුවන්කමක් නෑ. කියන්න පුළුවන් කරුණු කැබිනට් ලේකම්තුමා විසින් අනුමත කරලා තියෙන්නේ. ඒ අතරතුර ජනාධිපතිතුමා විශේෂ නිවේදනයක් දැනුම් දුන්නොත්, රටට බලපාන දෙයක් කියන්න පුළුවන්. කරුණු සොයාගෙන ඇවිල්ලාත්, සත්‍ය කියන්න බලාපොරොත්තු වෙනවා.‘