විදුලි බල මණ්ඩලයට නීති පියවර!

ලංකා විදුලිබල මණ්ඩලය බලපත්‍රලාභියා ලෙස මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශය අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ජනවාරි 28 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීය.

ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ උසස් පෙළ විභාගය සමයේ විදුලිය සැපයීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ දී පැවැති සාකච්ඡාවේදී විදුලිබල අමාත්‍යංශයෙ කිසිදු නිලධාරියකුට බලපෑමක් නොකළ බවය. එහිදී මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පැමිණ සිටි අතිරේක ලේකම්වරයාට නීතිය පැහැදිලි කළ බවත් රත්නායක මහතා කීය.

මානව හිමිකම් කොමිසම අදාළ අදාල සාකච්ඡාවට ළ සාකච්ඡාවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට ආරාධනා කළ තිබියදී අතිරේක ලේකම්වරයකු සහභාගී කරවීම මෙම ගැටලූවට මූලික වූ බවද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම රජයට විදුලිය සැපයීම සඳහා තෙල් සපයාගැනීමට අවශ්‍ය නම් හැකියාව තිබෙන බවත්, ඒ සඳහා ප්‍රතිපාදන ලබාගැනීම සඳහාත් ඉඩකඩ තිබෙන බවත්, එසේ තිබියදී විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ හිතුවක්කාර තීන්දු නිසා විදුලිය කප්පාදු කිරීම දිගටම සිදුකරන බවත්, ඔහු කීය. විදුලිබල මණ්ඩලය කියා තිබෙන්නේ මෙම කාලයේ දී කප්පාදුව නතර කිරීමට සඳහා විදුලිය නිපදවීමට ඉන්ධන මිලට ගැනීම සඳහා රුපියල් බිලියන හතරක් අමතරව අවශ්‍ය බවය.

ඒ අනුව සැලසුම් කර ඇති පරිදි දෛනික විදුලි කප්පාදුව අඛණ්ඩව සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට ලිඛිතව දන්වා තිබේ.