“හිජාබය” පැළදීමට එරෙහිව එය පැළදීමෙන් වැළකී විරෝධය පළ කිරීමේ වරදට ඉරානයේ විසිතුන් හැවිරිදි Mahsa Amini තරුණිය එරට පොලිස් අත්අඩංගුවේදී මිය ගියා ය. පොලිස් අත්අඩංගුවේදී ඇයට සිදු කරන ලද අනේක වධ බන්ධන හේතුවෙන් හෘදයාබාධයක් ඇතිවී තිබෙන අතර , ඇය වහා රෝහල්ගත නොකිරීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇයගේ මරණයත් සමග රට තුළ දැවැන්ත විරෝධයක් ආරම්භ විය. ඒ 2022 සැප්තැම්බර් මාසයේ දීය. එකී විරෝධය දිනෙන් දින උත්සන්න වූ අතර උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට Ayatulla Ali Khamenei ගේ ආණ්ඩුව කළේ පොලීසිය පවා උද්ඝෝෂකයන්ට දිගට හරහට වෙඩි තැබීම යි. එකී වෙඩි තැබීම්වලින් පන්සියයකට ආසන්න පිරිසක් මිය ගිය බව ලෝක ජනමාධ්‍ය වාර්තා කළෝ ය. එකී ඝාතනවලට එරෙහිව තව තවත් උද්ඝෝෂණ වර්ධනය වූ අතර උද්ඝෝෂකයෝ 19,000 ක් පමණ දැනට සිරගත කර තිබේ.
හිජාබය නොපැළද දෙවියන්ට අපහාස කිරීමේ වරදට 16 දෙනෙකු මරා දමති
හිජාබය නොපැළද ඊට එරෙහිව උද්ඝෝෂනය කිරීමෙන් දෙවියන්ට අපහාස කළේ යැයි චෝදනා කොට එරට අධිකරණය 16 දෙනෙකුට දැනට මරණ දණ්ඩනය නියම කර තිබෙන අතර ගතවන සෑම දිනකම ඔවුන් එකිනෙකා මරා දමමින් සිටියි.
International Congress for Influential Women
ඉහත සදහන් මිලේච්ඡ ඝාතකයෝ තම මිලේච්ඡත්වය වසන් කරමින් “හිජාබය” පැළදීමේ එකගතාව පළ කිරීමේ කාන්තා සමුළුවක් පවත්වනු ලැබීය. මේ කාන්තා සමුළුවට ඉරානයේ මිලේච්ඡත්වයට පක්ෂපාතී රටවල පළමු කාන්තාවන් යැයි කියාගත් කාන්තාවෝ කිහිප දෙනෙකු සහභාගී කරවා ගෙන තිබුණි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි පළමු කාන්තාව ලෙස සහභාගී වී තිබුණේ ශිරන්ති රාජපක්ෂ යි. (ඇය තවමත් ශ්‍රි ලංකාවේ පළමු කාන්තාව ලෙස විදේශ රටවල පෙනි සිටින්නීය)
ඉහත මිලේච්ඡයන්ගේ සමුළුවට සහභාගී වී සිටි පළමු කාන්තාවෝ යැයි කියාගත් (ශිරන්ති රාජපක්ෂ මෙන්) කාන්තාවෝ නියෝජනය කළේ ශ්‍රි ලංකාව , කසකස්ථානය , සර්බියා , නයිජීරියා , සිරියා , ටර්ක්මෙනිස්තාන් , ආවේනියා , නර්ජර් යන රාජ්‍යයන් ය.
රාජපක්ෂලාගේ දෙබිඩි රංගනය…..!
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට වසරකට දෙකකට පෙර සිටම මුස්ලිම් බිල්ලකු මවා පෑවේ රාජපක්ෂලා බව ශ්‍රී ලංකාවට රහසක් නොවේ. වද කොත්තු , වද බ්‍රසියරයේ සිට වෛද්‍ය ෆාපි සහබ්දීන්ගේ පැලෝපීය නාලය දක්වාත් එහි කූටප්‍රාප්තිය වූ පාස්කුදින මිලේච්ඡ ප්‍රහාරය දක්වාත් එකී මුස්ලිම් බිල්ලා මවා පෑවේ අන් කවරක්වත් නොව සිංහල බෞද්ධ , කතෝලික ඡන්ද ගොඩ ඩැහැගැනීමට ය.
පාස්කුදින මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු මුස්ලිම් කාන්තාවන්ගේ “හිජාබයට” එරෙහි රැල්ලක් නිර්මාණය වූ අතර ඒ පසුපස සිටියේ කව්දැයි දන්නෝ දනිති. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් බිල්ලෙකු මවා පා සිංහල බෞද්ධ , කතෝලික ඡන්ද ගොඩ ඩැහැගැනීමට මාන බලන රාජපක්ෂලාගේ දෙබිඩි රංගනයේ නිරුවත ශිරන්ති රාජපක්ෂගේ “භිජාබ” පක්ෂපාතී ඉරාන සමුළුවෙන් හොඳටම හෙළිදරව් වී තිබේ.
මේ දෙබිඩි රංගනයේ නිර්ලජ්ජිත භාවය කොතෙක් ද යත් උද්ඝෝෂණය කිරීමේ වරදට පන්සියයක් පමණ මරා දැමූ සහ තවදුරටත් මහා දමමින් සිටින තුච්ඡ පාලකයන් සමග කරට අත දා ගැනීම යි.
