ආර්ථිකය පුනර්ජීවනය කිරීම සඳහා සිදු කරන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට සහ දුෂ්කර අවස්ථාවන් හිදී සිදු කරන බදු වැඩිකිරීම් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලාංකේය නායකත්වය විසින් ප්‍රදර්ශනය කරන දේශපාලන අධිෂ්ඨානය ඉතා අගය කළ යුතු බව ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියන් කියා තිබුණා.
මේ වෙද්දී සාමාන්‍ය ජනතාව මර්දනය කරමින් මෙරට රජය ගෙනයන සාමාන්‍ය ජනතාවට අසංවේදී වැඩපිළිවෙල තමයි මේ විදියට අයිඑම්එෆ් ආයතනය විසින් අගය කර තිබුණේ.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ ආචාර්ය සුබ්‍රමනියන් මහතා මේ අදහස් දක්වා තිබුණා. ඔහු වැඩිදුරටත් කියා තිබුණේ, ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් සහන පැකේජයට ශ්‍රී ලංකාව විසින් සපුරාලිය යුතු අවශ්‍යතා සියල්ලම පාහේ සම්පූර්ණකර ඇති බව. ප්‍රධාන ණය දෙන රටවල අවසාන සහතික කිරීම් සිදු කිරීමෙන් අනතුරුව අදාල ක්‍රියාවලිය අවසන් වනු ඇති බව ඔහු වැඩිදුරටත් කියා තිබුණා.
අයිඑම්එෆ් ආයතනය ලබා දෙන්නේ ඩොලර් බිලියන 2.9ක් වටිනා පැකේජයක් පමණයි. එයත් වසර කිහිපයකට කොටස් වශයෙන් ලබා දෙනු ඇති. එම පැකේජය ලැබුණු පමණින් රටක් අර්බුදයකින් ගොඩ එනු ඇතැයි සහතිකයක් නෑ
මේ වෙද්දී අයිඑම්එෆ් ආයතනය පෙන්වාදුන් ඇතැම් සුභසාධන ප්‍රතිපත්ති සහ ආරක්ෂක දැලක් සඳහා යෝජනා පවා නිසිපරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. සාමාන්‍ය ජනතාව කෙරෙහි අතිශය අසංවේදී ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතරම, ඒ සඳහා සාමාන්‍ය ජනතාවගේ හඬ මර්දනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය යෙකු වන වසන්ත මුදලිගේ ත්‍රස්ත පනත යටතේ සිරගත කිරීම ඇතුළු මර්දන ක්‍රියාවලියකුත් දියත් වෙනවා.
එවැනි පසුබිමක අයිඑම්එෆ් ආයතනය, ආණ්ඩුව අගය කිරීම තුළින්, රටවල්වල ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටින එම ආයතනවල න්‍යායපත්‍රය ගැනත් පෙනී යනවා.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයා වන මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර, අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර සහ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වී. ඩී වික්‍රමාරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වෙලා තිබුණා.