මැ.කො. සභාපති ඉල්ලා අස්වුණායැයි බොරුව එව්වේ රනිල්ගේ ඔෆිස් එකෙන්ලු!

Ranil Wickremesinghe, Sri Lanka's prime minister and finance minister, during an interview in Colombo, Sri Lanka, on Wednesday, May 25, 2022. The bankrupt nation will slash its budget expenditure to bare bones and hopes to break even or post a primary surplus of 1% of gross domestic product by 2025, Wickremesinghe said in the interview in his office. Photographer: Buddhika Weerasinghe/Bloomberg

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඉල්ලා අස් වූ බවට වූ බොරු ප්‍රවෘත්තිය ජනාධිපති මාධ්‍ය අංශයෙන් ජනාධිපතිවරයා පිලිබඳ ප්‍රවෘත්ති ලියන මාධ්‍යවේදීන් වෙත එවපු එකක් බව අනිද්දා පත්තරය තමන්ගෙ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් වාර්තා කරලා තියෙනවා.

ඒ ප්‍රවෘත්තියට අනුව ප්‍රවෘත්තිය පැළ කරලා තිබුණේ ප්‍රධාන ධාරාවේ පත්තරයකත්, විකල්ප පත්තරයකත් වැඩ කරලා අස් වුණ මාධ්‍යවේදියෙක්ලු. දැන් ඔහු ජනාධිපති මාධ්‍ය අංශයේ වැඩ කරනවාලු.

ජනවාරි 25 වැනිදා රාත්‍රියේ රටම කළඹමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම ඉල්ලා අස් වූ බවට ප්‍රවෘත්තියක් හුවමාරු වී තිබුණා. ඒ ප්‍රවෘත්තියේ තිබුණේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලියුම ජනාධිපතිවරයාට ලැබී ඇති බව.

ඉන්පසු ඇතැම් මාධ්‍යවේදීන් විමසුවාට පස්සේ, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායකත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලියුම ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබී ඇතැයි තහවුරු කළ බව අනිද්දා ප්‍රවෘත්තියේ සඳහන්.

කෙසේ වෙතත් තමන් ඉල්ලා අස් නොවූ බව මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා කියා තිබුණා.

ඒ අනුව එම උත්සාහය අසාර්ථක වූ පසු කොමිෂන් සභාවේ සාමාජිකා පී.එස්.එම්. චාර්ල්ස් ඉල්ලා අස් වූ බව ප්‍රවෘත්තිය පැළ කර තිබුණා.