“චතුරිකාගේ” දරුවන් දකිනවිටවත් මේ මල් කැකුළු සිහිපත් නොවන්නේ ද …….?

චෞර රාජපක්ෂලාට උරණ වීමේ වන්දිය ගෙවීම පිණිසත් , ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩිකර “අග්‍ර පුරෝහිතයා” වීම පිණිසත් උන්ගේ බල වියරුව සාක්ෂාත් කරගනු වස් ඒ සහාසික අපරාධය සිදුකරන්නට ඉඩ හැරියේ ය.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මෙතෙකැයි කිව නොහැකි මහා අපරාධයකට පාර සකසා දුන් අධමයකු වූ සිරිසේන තමා සුදනා වීමේ කෙප්ප “කප්පරක්” කදු ගසමින් සිටී. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඔහුට එරෙහිව දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පවා දැන් දැන් විකෘති කර අවසන් ය.
තමන් සුදනා වීම පිණිස සිරිසේන ගොතන “අමු කෙප්ප” හමුවේ පැන නැගෙන ප්‍රශ්නවලට බොරුවේ උපත වූ ඔහු කිසි දිනෙක සත්‍ය පිළිතුරු නොදෙන බව දනිමි . එහෙත් ඔහුගෙන් ඇසීමට ඇති ප්‍රශ්න සිය ගණනකින් ඉතා සරළ ප්‍රශ්න කිහිපයක් පමණක් මෙහි සටහන් කරමි.
01. 2015 දී ඔබ ජනාධිපති වූ පසු ඔබේ ආරක්ෂාක උපදේශකයකු වූ විශේෂ කාර්ය බලකායේ සේනාවිධායක නිමල් ලෙව්කේ දුන් උවදෙස් ප්‍රතික්ෂේප කරමින් රාජ්‍ය බුද්ධි ප්‍රධානී ලෙස “නිලන්ත ජයවර්ධන” පත්කර ගත් ඔබ , දැන් ඔහුගේ පත්කිරීම කළේ ඔබ නොවේ යැයි පට්ටපල් බොරුවක් ගොතන්නේ ඇයි ?
02. වර්ෂ 2019 පෙබරවාරි මස 02 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පැජට් පාර නිවසේ දී ඔබ හමුවූ බව අමතකද ? එහිදී මාවනැල්ල බදු පිළිමවලට පහරදීම , වනාතවිල්ලුව “ලැක්ටෝස්” වත්තෙන් කිලෝ ග්‍රෑම් 100 ක පුපුරණ ද්‍රව්‍යය හමුවීම සහ ඊට සහරාන් හෂීම්ලාගේ සම්බන්ධය දැනුම් දුන්නා අමතකද ?
සී. අයි. ඩී. ය ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙක් නොවන බැවින් එම රැස්වීමකට පැමිණ සහරාන්ලා ගැන තමන් සතු තොරතුරු හමුදා ප්‍රධානීන් වෙත ලබාදීමට අවස්ථාව ඉල්ලා සිටි බව ඔබට මතකද ? ඊට එකගතාව පළකළ ඔබ , පසුව එම අවස්ථාව ලබා නොදුන් බව මතකද ? ඒ ඇයි ? ආරක්ෂක මණ්ඩලයට එන සාමාජිකයන් එම අනතුර දැන ගැනීම වැළැක්වූයේ ඇයි ? සහරාන්ලාගේ කටයුතුවලට බාධා සිදුවන නිසා නොවේ ද?
03. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහරාන්ලාගේ ක්‍රියා කලාපයන් පිළිබඳ දැනුවත් කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා 2019 ජූලි 03 දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගත් බව දැනගත් වහා ඔබ ක්‍රියා කළේ කෙසේද ?
ඔබත් , ගෝඨාභය රාජපක්ෂත් ඝාතන සැළසුමක් ගැන නාමල් කුමාර නමැත්තකු ලවා ව්‍යාජ ප්‍රචාරයක් කර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අත්අඩංගුවට ගැනීම මතකද ? එකී ව්‍යාජ චෝදනා කිසිවක් ඔප්පු කිරීමට නොහැකි වූ අතර නාලක සිල්වා නිදහස් කිරීමට සිදුවිය. එවැනි ජවනිකාවක් ඇටවූයේ සහරාන්ලා අත් අඩංගුවට පත්වීම වැළැක්වීම සදහා නොවේ ද?
04. වර්ෂ 2018 ඔක්තෝබර් 30 (රාජ්‍ය බලය රාජපක්ෂලාට දුන් කුමන්ත්‍රණ සමය) වව්නතිව් ප්‍රදේශයේ පොලිස් මුරපොළක සිටි නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කළ බව ඔබට මතකද ? එහිදී එම ඝාතනය සිදු කළේ එල්. ටී.ටී. ඊ. ය බව ඔබේ රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සහ යුද හමුදා බුද්ධි ප්‍රධානී චූලා කොඩිතුවක්කු කරන ලද බොරුව ඔබට මතකද ? ඔවුන් එසේ බොරුවක් ස්ථාපිත කළේ එම අපරාධය සිදු කළ සහරාන්ලා අත්අඩංගුවට පත්වීම වැළකීමට නොවේද ? එකී අපරාධය සිදුකර ඇත්තේ LTTE ය නොව සහරාන්ලා බවට 2019 මාර්තු 23 යුද හමුදා බුද්ධි වාර්තාවක් ඔබට ලබා දුන්නා මතකද ? ඔවුන් කළේ බොරුවක් බව ඔප්පුවූ පසුව ඔබ ඔවුන්ට එරෙහිව විනය ක්‍රියා මාර්ග නොගත්තේ ඇයි ?
05. පාස්කුදින ප්‍රහාරය සිදුවූ වහාම එවකට අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයට කැදවූ හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමට නොයන ලෙස සිංගප්පූරුවේ සිට හමුදා ප්‍රධානීන්ට දැනුම් දුන් බව මතකද ? ප්‍රහාරයෙන් පසු සිංහල , මුස්ලිම් ජනතාව අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගැනීමට කැදවූ එකී රැස්වීම කඩාකප්පල් කිරීමට මාන බැලුවේ ඇයි ?
06. සිංගප්පූරුවේ සිටි ඔබට වහා ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානා නොතිබුණේ යැයි කියූ පට්ටපල් බොරුව දන් තහවුරු වී ඇති බව ඔබ දන්නේ ද ? එතරම් විපතක් සිදුවී තිබියදීත් ඔබ ශ්‍රී ලංකාවට පැමිණියේ එහි සිට ශ්‍රී ලංකාවට පැමිණි තුන්වන ගුවන් යානයේ බව ඔබට අමතක ද ?
07. අප්‍රේල් මස 04 දින සිට 21 උදේ 06.30 දක්වා ප්‍රහාරය පිළිබද සියලු තොරතුරු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට ලැබී ඔබ කියන විදිහට (එය සම්පූර්ණ බොරුවකි) ඔබට එම තොරතුරු කිසිවක් ලබා නුදුන්නේ නම් , ඔහුට එරෙහිව කිසිදු පියවරක් නොගත්තේ ඇයි ?
08. ප්‍රහාරයෙන් පසු එහි වගකීම භාර ගන්නැයි ISIS සංවිධානයට දැනුම් දෙන ලෙස මාතලේ පොඩි සහරාන් නොහොත් “පස්රුල් රහුමාන්ට” රාජ්‍ය බුද්ධි අංශයේ ස්ථාවර දුරකථනකින් “සොනික් සොනික්” යන අනුවර්ත නාමයකින් කතා කර ඇති බව ඔබ නොදන්නේ ද ? රාජ්‍ය බුද්ධි සේවයේ නිලන්ත ජයවර්ධන යටතේ සිටි එම උප පොලිස් පරීක්ෂක “බණ්ඩාර” නමැත්තා සී. අයි. ඩී අත්අඩංගුවට ගැනීමට නිලන්ත ජයවර්ධන ඉඩදී නැත. එම ක්‍රියාව දැන දැනත් ඒ සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට එරෙහිව ඔබ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි ?
09. සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය සහ ප්‍රහාරයේ දී කොටස්වලට කැඩී තිබු ජංගම දුරකථනයේ කොටස් නැවත එක්ලස් කර ඇමෙරිකාවේ FBI ආයතනය සොයා දුන් IP ලිපිනයට අනුව සහරාන් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වා ඇති දුරකථන අංකයක් සොයා ගෙන තිබුණි. ඒ අනුව අදාළ යුද හමුදා බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගිය විට යුද හමුදා බුද්ධි ප්‍රධානී චූලා කොඩිතුවක්කු ප්‍රකාශ කර ඇත්තේ “ඒක අපේ වැඩක්” යනුවෙනි. එම සිදුවීම දැන දැනත් ඔබ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයි ?
10. ඔබ විසින්ම පත් කරන ලද රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධනට ප්‍රහාරය පිළිබඳ කල්තියා ලැබුණු තොරතුරු ගැබ්ව තිබු රාජකාරී පරිගණකයෙන් සහ ජංගම දුරකථනයෙන් එකී තොරතුරු සියල්ල නැවත ලබාගත නොහැකි අයුරින් මකා දමා තිබුණි. ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි දෙමින් නිලන්ත ජයවර්ධන එසේ කළ බව පිළිගෙන තිබේ.
රජයේ රස පරීක්ෂකද ඒ බව තහවුරු කර තිබුණි. දණ්ඩ නීති සංග්‍රහය , අපරාධ නඩු විධාන සංග්‍රහය , පොලිස් ආඥා පනත සියල්ලටම අනුව අපරාධයකට අදාළ තොරතුරු සැගවීම, විනාශ කිරීම දඩුවම් ලැබිය යුතු බරපතල වරදකි. නිලන්ත ජයවර්ධන එවැනි විෂමාචාරයක් කර ඇති බව දැන දැනත් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත්තේ ඇයි ?
රාජපක්ෂලාගේ බල වියරුව සාක්ෂාත් කර ගැනීමේ ජනාධිපති ඔටුන්නක් වෙනුවෙන් වූ මේ මහා අපරාධය එලෙස සිදු වන්නට ඉඩ දී කප්පරක් කෙප්ප ඇදබාමින් සුදනා නොවී ඉහත අභිරහස්වලට පිළිතුරු සැපයිය යුතුය.