රටේ ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට සූදානම් වන විට ඒ සඳහා ඇප මුදල් ලබාගැනීම නවත්වන්නැයි නියෝග කරමින් නීතිවිරෝධී ලියුමක් ගැසූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ගැන කිසිම පියවරක් නොගන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන කීවා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී. ඒ අනුව මැතිවරණයක් නවත්වන්නට, රට ගිනිතැබූ එම නිලධාරියාට කිසිදු පියවරක් නොගැනෙනු ඇති.
මෙම නිලධාරියා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලියුමක් යවමින්, කැබිනට් තීන්දුවක් අනුව ඇප මුදල් බාර නොගන්නැයි මීට පෙර නියෝග කර තිබුණා. එම නියෝගය නීතිවිරෝධීයි. පසුව එය හකුලාගත්තා. කෙසේ වෙතත් ඔහු සඳහන් කළ අන්දමේ කැබිනට් තීන්දුවක්ද නොගත් බව පසුව ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවේදී කීවා. එසේ නම් නිලධාරියා කරන්නට උත්සාහ කර ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන අන්දමේ බරපතල වරදක්.