ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු සංවිධානාත්මක අපරාධ මැඬලීම පිළිබඳ සති දෙකක විශේෂ පුහුණුවක් සඳහා ජනවාරි 23 වන දින රුසියාව බලා පිටත්ව ගොස් ඇති බව ඩේලි නිවුස් පුවත්පත වාර්තා කර ඇත.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත දමින්ද, ගාල්ල නියෝජ්‍ය පොලිස්පති උජිත් එන්. ලියනගේ, නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා, පොලිස් මූලස්ථාන පරිපාලන අංශයේ ප්‍රධානී, පොලිස් බුද්ධි අංශයේ නියෝජ්‍ය පොලිස්පති ජගත් සී.ධනපාල , පුහුණු හා බඳවාගැනීම් නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර, සුබසාධන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.ජේ.පද්මිණී මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාමිණී සේනාරත්න, පොලිස් මහලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ළමාහේවා, ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි. ගුරුගේ යන නිලධාරීන් මෙසේ රුසියාව බලා පිටත්ව ගොස් ඇත.
එවැනි පුහුණු වැඩමුළු පහක් සඳහා රුසියාවෙන් ආරාධනා ලැබී ඇති බවත් ඉදිරියේදී ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් රුසියාවට යාමට නියමිත බවත් පොලිස් මූලස්ථානය සඳහන් කර ඇති බව එම පුවතේ දක්වා ඇත.