ශ්‍රී ලංකාවේ තර්ජනය, මර්දනය සහ මිනීමැරීම පටන් ගත්තේ මැයි 9 වැනිදා බව කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.
එසේ කීවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට තර්ජන කිරීමේ සිදුවීම් ගැන විමසූ අවස්ථාවේදීයි.
මන්ත්‍රීවරයෙකු ඝාතනය කරමින්, තවත් මන්ත්‍රීවරුන් 72 දෙනෙකුගේ ගෙවල් ගිනිතබමින් ප්‍රචණ්ඩ රැල්ල ‘පටන් ගත්‘ බවත් අද දක්වා එය විවිධාකාරයෙන් ගමන් කරමින් තිබෙන බවත් ඔහු කීවා.
ඔහුට අනුව මීට කලින් එහෙම එකක් තිබුණේ අසූ ගණන්වල. මෑත කාලේ එහෙම ඒවා තිබිලා නැහැ. විශේෂයෙන් දේශපාලන ප්‍රචණ්ඩත්වය කියලා එකක් නැහැ වගෙයි ඔහු එම අදහස් දැක්වීම කළේ. ඒ අනුව මැයි 9 වැනිදා උදේ සිදු වූ දේවලුත්, ඊට ටික දවසකට පෙර චමින්ද ලක්ෂාන් නම් තරුණයාව රඹුක්කනදී පොලීසිය විසින් ඝාතනය කිරීමත්, 2019 ජනාධිපතිවරණයට පෙරමග සැපයූ මධුමාධව අරවින්දලා සම්බන්ධ 2019 මැයි මාසයේ ප්‍රචණ්ඩත්වයත්, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත්, 2018 පළාත් පාලන ඡන්දය අස්සේ ජාතිවාදය ඇවිස්සූ දිගන ගිනිතැබීමත්, 2015 ජනාධිපතිවරණයට පෙර ඥාණසාර හිමිගේ අබසරණ ප්‍රකාශයෙන් පසු අලුත්ගම දර්ගා නගරය ගිනිතැබීමත්, දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව ඝාතනයත්, චොකා මල්ලි ඇතුළු පිරිසක් ඇති කළ ගැටුමකදී රත්නපුරේ ශාන්ත දොඩංගොඩව ඝාතනය කිරීමත්, වයඹ මහමැතිවරණයේදී ශ්‍රීලනිපය ඇති කළ මහා විනාශකාරී තත්වයත්, බිහිසුණු යුද්ධයත් ඇතුළු සියල්ල අමතක කර තබා තිබෙනවා.
අනෙක් අතට ඔහු එම ප්‍රකාශය කළේ ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනයට වසර 13ක් සැපිරෙන දිනයේදීමයි. එහිදී ඔහු ‘මොහාන් සමරනායක නම් ගෞරවණීය මාධ්‍යවේදියෙකුට‘ සිදු වූ තර්ජනයක් ගැන කීවත්, ප්‍රගීත් එක්නැළිගොඩ ගැන කිසිවක් කීවේ නැහැ.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය මෙසේයි.
‘තර්ජනය, මර්දනය සහ මිනීමැරීම මැයි 9 ඉඳලා පටන් ගත්තේ. ලෝක ඉතිහාසයට කළු පැල්ලමක් එකතු කරමින්, ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් මරා දාලා. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන 72 දෙනෙකුගේ ගෙවල් ගිනිතබලා පටන්ගත්ත ප්‍රචණ්ඩත්ව රැල්ල තමයි විවිධාකාරයෙන් ගමන් කරන්නේ.
ලාංකීය සමාජය වශයෙන් තේරුම් ගත යුතු වෙනවා . අසූ ගණන්වල වුණත්, තමන් වෙනස් මතයක් දැරීම කරණ කොටගෙන තමන්ගේ වටිනා ජීවිතවලින් වන්දි ගෙවන්න සිද්ධවෙච්ච ඉතිහාසයක් තිබෙනවා.
ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් තිබෙන්නේ. ජනමාධ්‍ය විෂ්‍ය භාර අමාත්‍යවරයා වශයෙන් අපේ රටේ ඉහළ දේශීය හා ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙන මාධ්‍යවේදියෙක් වෙච්ච මොහාන් සමරනායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරලා, සභාපතිවරයා ලෙස කටයුතු කරපු රැස්වීමකට සහභාගී වෙලා, කොමිසමේ සාමාජිකයන්ට සංවිධානාත්මකව මැයි 9 තර්ජනය වගේම තර්ජනයක් කළ බවට ඒ මාධ්‍යවේදියා පොලීසියට පැමිණිල කරලා තියෙනවා.
ඒ ගැන විභාග පැවැත්වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස්පත්තුමා මෙම සෑම කරුණක් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් කරලා මේ අය තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යය කරන්න වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතියක් තියෙනවා ගමන් බිමන් යෑමට. සැමට ආරක්ෂාව ලබාදීම සඳහා සැම කෙනෙක්ම ආරක්ෂා කරන්න වගකීම ඉටු කරන්න අවසර දීලා තියෙනවා.‘
මෙම පිළිතුරු සැපයීමේදී ඇමතිවරයාගෙන් විමසූ පැනය වන මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඡන්දය පැවැත්වීම ගැන එල්ල කරපු ජීවිත තර්ජන ගැන හරිහැටි පිළිතුරක් අමාත්‍යවරයා ලබා නොදීමත්, ඒ වෙනුවට ආණ්ඩුවට කඩේ ගිය මොහාන් සමරනායක වැනි නිලධාරීන්ව මුහුණට මුහුණ ප්‍රශ්ණ කිරීමේ සිදුවීම ජීවිත තර්ජනයක් නොවුණත්, එය ‘තර්ජනයක් ලෙස හුවා දැක්වීම‘ත් දක්නට ලැබුණා.