මම සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙස මගේ පවුල වෙත යා යුතුයි – ජසින්ඩා ආර්ඩන්

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඇය ලබන පෙබරවාරි මස 07 වෙනිදා සිට එම ධුරයෙන් ඉවත් වන බවත් ඇය මාධ්‍ය අමතමින් පවසා සිටියා.

42 හැවිරිදි නවසීලන්ත අගමැතිනිය එරට කම්කරු පක්ෂයේ නායකත්වයෙන්ද ඉවත් වීමට ද තීරණය ඇති බව ඇය පවසා ඇත.

තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බවත් කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් ඇය පවසා සිටියා

“තීරණය මගේම තීරණයක්,”  “රටකට නායකත්වය දීම ඕනෑම කෙනෙකුට කළ හැකි වඩාත්ම වරප්‍රසාදිත රැකියාව වන අතර එය වඩාත්ම අභියෝගාත්මක කාර්යයකි. ඔබට තවත් කරන්නට තරම් දෙයක් ඉතිරිව නැතිනම් සහ එම සැලසුම් නොකළ සහ අනපේක්ෂිත අභියෝග සඳහා තමා සතු කළ යුතු සියල්ල අවසන් නම් ඔබට තවදුරටත් එම කාර්යය කළ නොහැක”

තමන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ වසර හය ඉතාමත් අභියෝගාත්මක කාලයක් බවත් තමන් නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තරඟ වැදීමට බලාපොරොත්තු නොවන බවත් ඇය පවසා සිටියා.

“ඔබට සිතිය හැකි එකම සිත්ගන්නා කරුණ නම්, විශාල අභියෝග කිහිපයක් සමඟ වසර හයකට පසු, මම සාමාන්‍ය මනුෂ්‍යයෙකු වීමයි. දේශපාලකයෝ මනුෂ්‍යයෝ”  “අපි අපට හැකි තාක් කල් පමණක් අපට හැකි සෑම දෙයක්ම ලබා දිය යුතුය, දැන් මේ ඉන් ඉවත්වීමේ කාලයයි. ” ඇය පැවසූවා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් අගනුවර ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීම, කොවිඩ් වසංගතය, වයිට් අයිලන්ඩ් දුපතේ සිදුවූ ගිනි කඳු විධාරණය වැනි බාධක හමුවේ ඇය නවසීලන්තය පාලනය කිරීමට සමත් වූ රාජ්‍ය නායිකාව වශයෙන් ඉතිහාසයට එක්වෙනු ඇත.

2017 දී, ආර්ඩර්න් අගමැති වන විට ඇය නවසීලන්තයේ තුන්වන කාන්තා නායිකාව වූ අතර ලෝකයේ ලාබාලම නායිකාවන්ගෙන් කෙනෙක් වුණා. ආර්ඩර්න් තනතුරේ සිටියදී ට්‍රේල් බ්ලේසර් ලෙස කීර්තියක් ලබා ගත් අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් ගැන නිතර කතා කළ රාජ්‍ය නායිකාවක් වුණා.