අලුත් ඇමතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙනවා – ජනපති

update –

නව අමාත්‍යවරු දෙදෙනෙක් අද (19) දිවුරුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ 100 වැනි සැමරුම් උත්සවය අමතන අවස්ථාවේදීය.

අමරවීර අස්වේ! පවිත්‍රා සහ ජීවන්?

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර එම ධුරයෙන් ඉවත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

තවද පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් අද දින කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමට නියමිත බවත් මාධ්‍ය වාර්තා කර ඇත.