මෑත කාලයේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සාමාන්‍ය සිවිල් නීති කැඩීමක් පිළිබඳ අත්අඩංගුවට ගැනීම සඳහා ජීප් රථ පහකින් පැමිණි, ළහිරු වීරසේකර ජීප් රථ දෙකකින් පැමිණ අත්අඩංගුවට ගත්, කොළඹ පවතින විරෝධතාවකදී ජීප් රථ, බස් රථ, ට්‍රක් රථ ඇතුළු වාහන සියයකට ආසන්න ප්‍රමාණයක් යොදවන ශ්‍රී ලංකා පොලිසියට මත්ද්‍රව්‍ය වැටලීම ආදී කටයුතු කිරීම සඳහා වාහන නොමැති බව පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.
ඔහු කීවේ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් ණය හරහා ජනතාවට අත්‍යවශ්‍ය දේවල් ලබාදීම වෙනුවට, පොලිස් ජීප් රථ 500ක් ලබාගැනීමේ ව්‍යාපෘතියේ පළමු අදියරට අදාල ජීප් රථ 125 ලබාගත් මොහොතේදී මාධ්‍යවලට අදහස් දක්වමින්.
ඔහු වැඩිදුරටත් මෙසේ කීවා.
‘ජීප් පන්සීයක් ලැබෙන්න තියෙනවා. පළවෙනි 125 ලබාගත්තා. හුඟක් පොලීසිවල වාහන නෑ. මහජනතාවගේ ඉල්ලීමක් තියෙනවා හොරු අල්ලන්න, කුඩුකාරයෝ අල්ලන්. සමහර පොලිස් ස්ථානවල යන්න වාහනයක් නෑ. මට පොලිස් ස්ථානාධිපතතුමෙක් හම්බවුණා. ඔහු යන්නෙත් ත්‍රීවීල් එකක.
මම දැක්කා සමහර උදවිය මේ වෙලාවේ වාහන ගෙනියන්න එපා කියලා කියනවා. මේක වැරදියි. පොලීසිවලට මේ දේ අවශ්‍යයි. ඒ නිසා වෙහෙස වෙලා අපි ගත්තේ. අවුරුදු තුනක් කරගන්න බැරි වුණ දෙයක් කරගත්තා.
අපි ස්තූතිවන්ත වෙනවා ඉන්දීය රජයට. මහකොමසාරිස්තුමාට. සහයෝගය මත අපට මේ දේ කරගන්න ලැබුණා.‘
මෙම ජීප් රථ 500ම ලබාගත්තත්, සැබෑ ලෙස ඒවා යොදවනු ඇත්තේ මෙරට අපරාධ මර්දනයටද, නැති නම් සාමාන්‍ය ජනතාවගේ විරෝධතා ආදිය මර්දනයටද කියන ප්‍රශ්නයට පිළිතුර මුළු රටම දන්නවා. ඔත්තුකරුවන් යොදමින්, ඉහළම තාක්ෂණය යොදමින් සාමාන්‍ය සිවිල් නීති කඩ කළ හෝ නොකළ විරෝධතාකරුවන් අසාධාරණ ලෙස මර්දනය කරන ශ්‍රී ලංකා පොලීසිය දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය වැනි දරුණු සිදුවීම් මඟහරින ආකාරය රටම දන්නවා.