බෙල්ජියම කැපේ! දක්ෂ විදියට ගෝල් මිස් කරගත්ත කොහොමද ලුකාකු!

බෙල්ජියම සහ ක්‍රොඒෂියා අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී, ෆිෆා 2022 ලෝක කුසලානයේ දෙවැනි වටයට එෆ් කණ්ඩායමෙන් මොරොක්කෝව සහ කොඒෂියාව සුදුසුකම් ලැබුවා.

මෙම තරගය බෙල්ජියම ජයගත්තේ නම්, ඔවුන් දෙවැනි වටයට සුදුසුකම් ලබන්නට තිබුණා. එසේ වුණා නම් කොඒෂියාව තරගාවලියෙන් වෙත් වෙනවා. ඒ එකම මොහොතේ පැවති මොරොක්කෝව සහ කැනඩාව අතර තරගයෙන් මොරොක්කෝව 2ට 1ක් ලෙස ජයගත් නිසයි.

බෙල්ජියමේ බිග් රොම් හෙවත් රොමෙලෝ ලුකාකු ඉතාම පහසු ගෝල දෙකක් සමග ගෝල කිහිපයක් තරගයේදී මඟහැරීම තරගයේ තීරණාත්මක සිදුවීම වුණා. තරගය සජීවීව විචාරය කරන්නන් විමසුවේ, මේ තරම් සාර්ථක ලෙස ගෝල මඟහැරීමේ හැකියාවක් ඔහුට ලැබුණේ කොහොමද කියලයි.

රටක බලාපොරොත්තු සහිත තීරණාත්මකම තරගයේදීයී ඔහු අතිසාර්ථකව කකුල මුලට ආ ගෝල මඟහැරියේ.

ඔහු ලොව අංක දෙකේ ෆිෆා රෑන්ක්ඩ් කණ්ඩායම වූ බෙල්ජියමේ ලොකුම බලාපොරාත්තුවක්ව සිටියා. බෙල්ජියම වෙනුවෙන් ගෝල් හැටකට වඩා වාර්තා කර ඇති අතිවිශිෂ්ඨ ක්‍රීඩකයෙකු වුණත්, ඔහු මෑත කාලයේ මන්දගාමී වූ ක්‍රීඩකයෙක් වුණා. එමෙන්ම ආබාධවලටත් මුහුණ දුන්නා.

ඔහු අතටම ආ ගෝල් දෙකක් මඟහැරීම නිසා බෙල්ජියමට ලොව හොඳම කණ්ඩායමක් ලෙස පැමිණ, පළමු වටයෙන්ම ගෙදර යන්න සිද්ධ වෙනවා. මෙතරම් අතිවිශිෂ්ඨ කණ්ඩායමක් සමඟ ගෙදර යෑමට සිදු වෙන්නේ, ලුකාකුට ‍මෙලෙස ගෝල මඟහැරුණු නිසයි.

තමන් නිසා පරාජය වීමේ වේදනාවත් එක්ක ලුකාකු ක්‍රීඩාංගණයේ තිබුණු ප්ලාස්ටික් වීදුරුවකට පහර දී බිඳින අයුරුත් වීඩියෝවල සටහන් වී තිබුණා.

ක්‍රීඩකයන් පුහුණු වෙන්න ඕනෑ පීඩනයටම තමයි. ක්‍රීඩාව කියන්නේ කිසිදා ශරීරයේ තියෙන හැකියාවෙන් පමණක් කළ හැක්කක් නෙවෙයි. බුද්ධිය, ක්ෂණික තීරණ ගැනීම් සහ ගණනය කිරීම් මෙන්ම පීඩනය දරාගැනීමේ හැකියාවත් ක්‍රීඩාවට අත්‍යවශ්‍යයි.