මැයි 09 වනදා ඇතිවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ගොනුකල අංක CA/Writ/437/2022 දරන රිට් පෙත්සම අද දිනයේදී ගරු අභියාචනාධිකරණයේදී සලකා බැලුනි.
එහිදී ගරු නීතිපතිවරයා කරුණු දක්වමින් කියා සිටියේ, තමන් දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී නොසිටින බවයි. එහිදී බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනීසිටි, නීතීඥ මහතා කියා සිටියේ, දේශබන්දු මහතා විසින් ජනාධිපති නීතීඥ රොමේෂ් ඩී. සිල්වා මහතාගේ සේවය පෙරදින හවස ලබාගෙන ඇති බවත් එබැවින් නඩුවට සූදානම් වීම සදහා ප්‍රමාණවත් කාලයක් නොතිබූ බවයි.
ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරුවරුන් විසින් පෙත්සම්කරුගේ කරුණු තහවුරු කිරීම සදහා මෙම නඩුව දෙසැම්බර් මස 16 වන දිනට නියම කෙරුණි.
පෙත්සම්කාර නීතිඥ රාමලිංගම් රංජන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, අශාන් නානායක්කාර, ඉෆ්ෆත් සහාබ්දීන්, චාන් ගොඩකුඹුර සහ මිගාර ගුණරත්න යන නීතීඥ මහතුන් පෙනී සිටියෝය.
