මේ අපරාධයට වගකිවයුතු ආයතනික අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් අපනයනකරුවන් අවශේෂ අපනයන ආදායම මෙරටට ගෙන ඒම ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කළේය. 2021 ජූලි මාසය වන විට අපනයන ආදායමෙන් 65%ක් ආපසු මෙරටට ගෙන්වාගෙන ඇති අතර මේ වසරේ මේ දක්වා ගෙන්වාගෙන ඇත්තේ අපනයන ආදායමෙන් 23%ක් බව මහ බැංකු අධිපතිවරයා තහවුරු කරයි. මෙයින් අදහස් කරන්නේ 2022 දී අපේක්ෂිත වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 16.3ක් වන අතර (වෙළඳ භාණ්ඩ අපනයන ඇ. ඩොලර් බිලියන 13.3ක් සහ සේවා අපනයන ඩොලර් බිලියන 3) ශ්‍රී ලංකාවේ ඉහල ව්‍යාපාරික ප්‍රජාවේ දූෂණ සහ සමාජ උදාසීනත්වය හේතුවෙන් 2022 දී පමණක් ඩොලර් බිලියන 6.8 ක දැවැන්ත ආදායමක් රටට අහිමි වෙමින් ඇති බවයි. මෙය ආර්ථිකය තවදුරටත් ද්‍රවශීලතා උගුලකට තල්ලු කරමින් සිටින අතර වැඩ කරන ජනතාවට දැරිය හැකි මිලකට ආහාර, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් යැපීම් මාර්ග සඳහා ඇති ප්‍රවේශයෙන් කපා දමයි.
ශ්‍රී ලංකාවේ මුල්‍ය නීතිවලින් නියම කර ඇත්තේ, නැව්ගත කළ හෝ සේවා සැපයීමේ දින සිට දින 180ක් ඇතුළත අවශේෂ අපනයන ආදායම සම්පූර්ණයෙන්ම දේශීය මූල්‍ය පද්ධතියට ගෙන්විය යුතු බවයි. අපනයන ආදායමෙන් 23%ක් පමණක් වසර පුරා ගෙන ආවොත් රටේ මූල්‍ය පද්ධතියට එකතුවන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.75ක් පමණි. (2022ට පෙර මට්ටම්වලට අනුව ආදායමෙන් 65%ක් මෙරටට ගෙන්වා ගත්තේ නම් ඇමෙරිකානු ඩොලර් බිලියන 10.6ක් අපේක්ෂා කළ හැක).
තවද, ලංකා වාණිජ මණ්ඩලය සාමාන්‍යයෙන් ආර්ථිකය හා ආර්ථික ප්‍රතිපත්ති සකසන්නේ කෙසේද යන්න සම්බන්ධ සෑම දෙයක් ගැනම ප්‍රකාශ කරන පරිදි මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අපව දැනුවත් කිරීමට ඔවුන්ට කිසිවක් නොමැත. ආර්ථිකය අස්ථාවර කිරීම් සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ට චෝදනා කිරීමට ද වාණිජ මණ්ඩලය ඉක්මන් වී ඇත. එහෙත්, ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීමේ ප්‍රධාන වගකිවයුත්තන් සහ ප්‍රතිලාභීන් ඔවුන්ගේ සාමාජිකයන් බව වාර්තා වන විට, ඔවුන් මධ්‍යස්ථභාවයේ සහ අපක්ෂපාතීත්වයේ ආවරණයක් පිටුපස නිහඬව සිටීමට තීරණය කරයි. එය එසේ වන්නේ එහි ප්‍රධාන සාමාජිකයන් විසින් සිදු කරන ලද අපරාධ පිළිබඳව ජාතික පුවත්පත්වල නිතර වාර්තා වන පසුබිමකය.
වංචනික ඉන්වොයිසිකරණයේ සැබෑ පරිමාණය
ආනයන අපනයන අංශයේ ආයතනික ප්‍රජාව 2007 වසරේ සිට මේ දක්වා ඩොලර් බිලියන 35ක් අක්වෙරළ ගිණුම්වල තැන්පත් කර ඇති බවට චෝදනා එල්ල වන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. ඔහු ප්‍රකාශ කළේ තමන් මෙය විශ්වාස නොකරන නමුත් එවැනි චෝදනාවලට එරෙහිව කටයුතු කිරීම ව්‍යාපාරික ප්‍රභූන්ගේ වගකීමක් බවයි. Global Financial Integrity (GFI) විසින් ප්‍රකාශයට පත් කරන ලද විශ්ලේෂණවලට අනුව, 2009 සිට 2018 දක්වා වංචනික ඉන්වොයිස්කරණය මගින් ආර්ථිකයෙන් නීති විරෝධී ලෙස ඩොලර් බිලියන 40 ක් උපයාගෙන ඇති බවට චෝදනා එල්ල වන බව මහ බැංකු අධිපතිවරයාගේ අවධානයට යොමු කරමු. ඔවුන්ගේ විශ්ලේෂණය පදනම් වූයේ එක්සත් ජාතීන්ගේ වාණිජ වෙළඳ දත්තවලට අනුව නීති විරෝධී මූල්‍ය ප්‍රවාහයන් පිළිබඳ ගෝලීය වශයෙන් පිළිගත් විවෘත ගිණුම් හරහා කෙරෙන ගණුදෙනුවලින් පමණක් වන අතර ණයවර ලිපි හරහා කෙරෙන සේවා සහ වෙළඳ භාණ්ඩ වෙළඳාම් නොසලකමිනි. මෙයින් අදහස්වන්නේ ඇස්තමේන්තුගත පිටතට ගලායාම අවතක්සේරු කිරීමක් බවය.
එබැවින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා මෙම ප්‍රශ්නය බැරෑරුම් ලෙස නොසලකමින් සිටීම ගැන පහත අත්සන් කර ඇති අප විමතියට පත්වූවෙමු. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය මේ ගැන සැලකිල්ලක් නොදක්වන නමුත්, වැරදි ඉන්වොයිස් කිරීම ලෝකයේ වෙනත් රටවල පුළුල් ලෙස අධ්‍යයනය කරන ලද සංසිද්ධියක් වන අතර එය අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ සහ ආසියාවේ දරිද්‍රතාවයේ සහ ආර්ථිකමය වශයෙන් එකතැන පල්වීමේ ප්‍රධාන හේතුව ලෙස සැලකේ. (UNCTAD), 2020, ‘අප්‍රිකාවේ ආර්ථික සංවර්ධනය‘ UNCTAD , 2016, ‘ප්‍රාථමික වෙළඳ භාණ්ඩවල වැරදි ඉන්වොයිසි කිරීම‘ බලන්න). විකල්ප වශයෙන්, අධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඔහු ඇත්ත වශයෙන්ම සාවද්‍ය ඉන්වොයිස් කිරීම ගැන දන්නා බවත් ශ්‍රී ලංකා ඉතිහාසයේ ආර්ථිකය සහ ජනතාව විනාශ කළ විශාලතම මූල්‍ය අපරාධය විමර්ශනය කිරීමේ වගකීමෙන් මහ බැංකුව නිදහස් කිරීමට උත්සාහ කරන බවත්ය.
කළ යුත්තේ විදේශ මුදල් මෙරටට ගෙන්වා ගැනීම සහ අපනයන ක්‍ෂෙත්‍රයේ වැටුප් වැඩි කිරීම මිස පෞද්ගලීකරණය නොවේ.
මේ සම්බන්ධයෙන් ඡන්දයෙන් තේරී පත් නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය කතාවේදී ප්‍රකාශ කළේ විදේශ විනිමය අර්බුදයට හා පවතින අයවැය හිඟයට පිළියමක් ලෙස ලාභ ලබන රාජ්‍ය ආයතන පවා පෞද්ගලීකරණය කළ යුතු බවත් ඒ මගින් දළ වශයෙන් ඩොලර් බිලියන 3 ක් රැස් කිරීමට බලාපොරොත්තු වන බවත්ය. එසේ කිරීමෙන්. ජනාධිපතිට අනුව, රටේ ආයතනික ප්‍රජාව තම දූෂිත ක්‍රියාවන් හරහා ආර්ථිකය වැට්ටවූ පසු ඊට විසඳුම වන්නේ රාජ්‍ය දේපල විකිණීමයි. කෙසේ වෙතත්, 2022 දී පමණක් සාමාන්‍ය අපනයන ආදායම මෙරටට ගෙන්වා ගැනීමෙන් පමණක් රාජ්‍ය ආයතන විකිණීමෙන් බලාපොරොත්තු වන ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා වැඩි විදෙස් විනිමය ප්‍රමාණයක් ලබාගත හැකිය. මෙය තවදුරටත් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථික ගැටළු පිළිබඳ සාමාන්‍ය දැනීම සහ අවබෝධය නොමැතිකම මෙන්ම රටේ දූෂිත ආයතනික ප්‍රජාවේ සහ ඔවුන්ගේ දේශපාලන සංස්ථාපිතයේ හවුල්කාරිත්වයයි.
තවද, රුපියල 80% කින් පමණ කඩා වැටීම, ලෝක වෙලඳපොල තුල මිල ඉහල යාම සහ රුපියල අවප්‍රමාණය වීමට අනුරූපව ඉහල වැටුප් සඳහා කම්කරුවන්ගේ ඉල්ලීම් කුරිරු ලෙස යටපත් කිරීම හේතුවෙන් අපනයන අංශය වසර තුල ලාභයේ දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, අපනයන ක්‍ෂෙත්‍රයේ එවැනි වැටුප් වැඩිවීම් දේශීය බැංකු පද්ධතියේ විදේශ විනිමය හිඟය සමනය කරනු ඇති අතර අත්‍යාවශ්‍ය ආනයනවලට සහ බැංකුවල ද්‍රවශීලතා තත්ත්වය වැඩිදියුණු කිරීමට ඉවහල් වනු ඇත. මක්නිසාද යත්, අපනයන ක්‍ෂෙත්‍රයේ වැටුප් වැඩි කිරීම මගින් අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීමේ අනුපාතය වැඩි කිරීමට අපනයනකරුවන්ට බල කෙරෙනු ඇත. ආර්ථිකය දැනට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයට අපනයන ක්ෂේත්‍රයේ වැටුප් වැඩි නොකිරීම ද දායක වන බව මෙයින් අවධාරණය කෙරේ. තවද, අයථා ඉන්වොයිසිකරණය හේතුවෙන් බදු ආදායම විශාල වශයෙන් අහිමි වීම රජයේ මූල්‍යකරණයේ නිදන්ගත අස්ථාවරත්වයට සහ රාජ්‍ය අංශයේ ණය අර්බුදය උග්‍රවීමට ද හේතු වේ.
ඉහත සියල්ල සැලකිල්ලට ගනිමින්, පහත අත්සන් කරන අපි රජයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ:
රාජ්‍ය වත්කම් පෞද්ගලීකරණය කිරීමේ පියවර වහාම නවතා ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කර අපගේ අපනයන සහ ආනයන අංශයේ සමාගම් විසින් නීති විරෝධී ලෙස මෙරට බැංකු පද්ධතියට එකතු කර නැති, විදේශ විනිමය වහාම මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසය. එම සංචිත ගෙන්වා ගැනීම මගින් රටේ මූල්‍ය පද්ධතියේ විදේශ සංචිත ඉහළ නංවනු ඇති අතර, රුපියල සැලකිය යුතු අගයකින් අධිප්‍රමාණය වනු ඇත. පොලී අනුපාත අඩු කරනු ඇත. එය රටේ භාණ්ඩ මිල අඩු කිරීමට සහ මහජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට තවදුරටත් සැලකිය යුතු දායකත්වයක් සපයනු ඇත.
ආදායම් බෙදී යාමේ සහ වැඩ කරන ජනතාවගේ යහපැවැත්ම සම්බන්ධයෙන් යුක්තිය සහතික කිරීමේ කටයුත්තක් ලෙස විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමේ අනුපාතයටම අපනයන අංශයේ වැටුප් වැඩි කළ යුතුය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්‍ෂණය යටතේ ආයෝජන අරමුදලක් පිහිටුවා, නැවත මෙරටට ගෙන්වා ගත් අරමුදල් බැර කළ යුතු අතර එම මුදල් දේශීය කාර්මීකරණය පුනර්ජීවනයට සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහතික කිරීම සඳහා යෙදවිය යුතුය.
ස්වස්තිකා ආරුලිංගම්
සභාපති
වාණිජ හා කාර්මික සේවක සංගමය
අංක 17 බැරැක්ක පටුමග
කොළඹ 2.
අත්සන් කළේ පහත සඳහන් වෘත්තීය සමිති වෙනුවෙනි.
ලංකා බැංකු සේවක සංගමය, ලංකා ගුරු සංගමය, ඩාබිඳු සංගමය, ඉංජිනේරු සේවා වෘත්තිකයන්ගේ සංගමය, මාධය සේවක වෘත්තීය සමිති සම්මේලනය, , සමාජ සාධාරණත්වය සඳහා ජනතා ව්‍යාපාරය, ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය සඳහා ව්‍යාපාරය, ජාතික ධීවර සහයෝගතා ව්‍යපාරය, උතුර දකුණ සහෝදරත්වය, ජනතා වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය, ප්‍රොටෙක්ට් සංගමය, රතු කොඩි සංගමය, සටහන් මාධ්‍යය, ශ්‍රී ලංකා සියළු විදේශ සංදේශ සේවක සංගමය, ස්ටෑන්ඩ්අප් සේවක සංගමය, ඇඳුම් සහ රෙදිපිළි සේවක සංගමය, එක්සත් ධිවරයින්ගේ සහ ධීවර සේවකයන්ගේ කොන්ග්‍රසය, තරුණ නීතීඥවරුන්ගේ සංගමය
ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්‍ය්‍ය සුමනසිරි ලියනගේ, දේශපාලන ආර්තික විද්‍යාඥ සහ ආචාර්‍ය්‍ය උපාධි ශිෂ්‍ය අමාලි වෙදගෙදර, ආර්ථික විද්‍යඥ සහ ආචාර්‍ය්‍ය උපාධි ශිෂ්‍ය කල්ප රාජපක්‍ෂ