සනත් නිශාන්තගේ රථයේ ගැටී, තුවාල ලැබූ පාපැදිකරු මිය යයි 

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන්කරමින් සිටි ජිප් රථයේ ගැටී තුවාල ලබා රෝහල් ගත කර සිටි පාපැදිකරු ඔක්තෝබර් 30 දින මියගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඔක්තෝබර් 15 වන දින පුත්තලම කුරුණෑගල මාර්ගයේ, ඌරුමස් හංදිය අසළ මෙම අනතුර සිදු වී ඇති අතර එම සිදුවීම අවස්ථාවේදී ජිප් රථයේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන්කරමින් සිට ඇත.

පුත්තලම ලේක් විදීයේ පදිංචිකරුවෙක් වන එස්.එම්.සිහාන් මහතා මෙසේ මියගොස් ඇත.

අදාල අනතුර සිදුකළා යැයි සැකපිට ජිප් රථයේ රියදුරුව පුත්තලම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දී ඇත.