නිශාන්ත මුතුහෙට්ටිගම ලඟ තිබුණු හොර වාහනයක් අල්ලයි

හිටපු අමාත්‍යවරයෙකු වන නිශාන්ත මුතුහෙට්ටිගමට අයත් බව කියන කොටස් එකලස් කර සාදන ලද ව්‍යාජ අංකයකින් ධාවනය කළ සුඛෝපභෝගී ජිප් රථයක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් අත්අඩංගුට ගෙන ඇත.

අදාල වාහනය අත්අඩංගුවට ගෙන ඇත්තේ එය ධාවනය කරමින් තිබියදී පොලිස් නිලධාරියෙක් සමඟය. අදාල පොලිස් නිලධාරීයා ඇමති ආරක්ෂක අංශයට අනුයුක්ත නිලධාරියෙක් වන බව මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත් මුතුහෙට්ටිගම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද නොවන පසුබිමක ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් යොදවා තිබීම ගැන ගැටලු සහගත කරුණකි.

කෙසේවෙතත් මුතුහෙට්ටිගම මහතාට අයත් බව යැයි පැවසෙන අත්අඩංගුවට ගත් ජීප් රථයට අදාල කිසිදු ලියැවිල්ලක් තිබී නැති අතර ජීප් රථයේ ප්‍රදර්ශනය කරමින් තිබුණු අංකය පවා මෝටර් රථ අංකයක් බව පෙනී ගොස් ඇත