පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ආගමන විගමන දෙපාර්තමේන්තුව කිසිඳු පරීක්‍ෂණයක් ආරම්භ කර නැති බව ලංකාදීපයට පවසා ඇත.
අදාල තොරතුරු නිකුත් කළ හැකි වන්නේ පාර්ලිමේන්තුවට පමණක් බව ඒ මහත්මිය පවසා ඇත.
විවිධ පාර්ශව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව තොරතුරු එම දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ද ඉල්ලුම්පත් දෙකක් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය පිළිබඳව තොරතුරු ඉල්ලමින් ලැබී ඇති බවත් පවසා ඇත.