ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත එම පක්ෂයට අනුබද්ධ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහට සමාජ මාධ්‍ය හරහා දරුණු විවේචනයක් එල්ල කර ඇත.
එහිදී කේ.ඩී. ලාල්කාන්ත මහතා, කර්කශ විවේචනයක් සඳහා පාවිච්චි කර ඇත්තේ ‘වැඩේ අල කිරීමට ගත් අසාර්ථක උත්සාහයක්‘ යන වචනය.

2022 අප්‍රේල් 25 වැනිදා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ඒකාබද්ධ වැඩ වර්ජනයක් සඳහා තීන්දුවක් ගෙන තිබුණු අතර, එයට හේතු ලෙස සඳහන් කර තිබුණේ ගෝඨාභ්‍ය රාජපක්ෂට එරෙහි අරගලය ශක්තිමත් කිරීමත්, අනෙකුත් ක්ෂේත්‍රවල වර්ජනය සඳහා මූලාරම්භයක් ගැනීමත්ය. ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ මහතා ගුරු- විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ ඉදිරිපෙළ සාමාජිකයෙකි. ඔහුට අමතරව ලංකා ගුරු සංගමය ඇතුළු තවත් වෘත්තිය සමිති ගණනාවක් එම සන්ධානයේ සිටී.
කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම මෙම විවේචනය සඳහා පාවිච්චි කර ඇත. මෙයට පදනම අප්‍රේල් 25 ගත් වර්ජන ක්‍රියාමාර්ගය ගැන අභ්‍යන්තර මතවාදී බෙදීමක්ද යන්න අපැහැදිලිය.
ඔහු නොවැම්බර් 02 පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විරෝධය ඉලක්ක කරමින් ප්‍රකාශයන් ගණනාවක් එම ගිණුම හරහා සිදු කර ඇත.
https://www.facebook.com/watch/live/?ref=watch_permalink&v=1344986839332266