ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7ක් අද මධ්‍යම රාත්‍රියෙන් කල්ඉකුත් වෙයි

ශ්‍රි ලංකාවට ගෙන්වන ලද කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7ක් පමණ අද (ඔක්තෝබර් 31 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් කල් ඉකුත්වන බව සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇත.

විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ කැමති අයෙකුට අද දිනයේ ද එන්නත ලබාගත හැකි බව ය.

බොහෝ දෙනෙක් කොව්ඩ්-19 බූස්ටර් එන්නත් මාත්‍රාව (තෙවැනි එන්නත් මාත්‍රාව) ලබාගෙන ඇතත්, තවත් පිරිසක් බූස්ටර් එන්නත් ලබාගැනීමට මැලිකමක් දැක්වූහ. ශ්‍රී ලංකාවේ බූස්ටර් එන්නත ලෙස ලබා දෙනු ලැබුවේ ෆයිසර් එන්නත යි.

වයස අවුරුදු 20ට වැඩි සෑම අයෙකුටම දෙවැනි බූස්ටර් එන්නත (සිව්වැනි මාත්‍රාව) ලබාගන්නා ලෙස වසංගත රෝග විද්‍යා ඒකකය නිර්දේශ කළ අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ඒ සඳහා දැඩිව නිර්දේශකර ඇත.

බීබීසී වෙබ් අඩවිය

https://www.bbc.com/sinhala/sri-lanka-62432045