මාධ්‍යවේදීන්ට වසර දෙකක සිරදඬුවම් දෙන්න විජයදාස කතා කරයි, සජිත් පිළත් මාධ්‍ය මර්දනයට ෆුල් සපෝට් එක ප්‍රකාශ කරයි!

මාධ්‍යවලට පාර්ලිමේන්තු වරප්‍රසාද නීතිය අනුව වසර දෙකකට සිර දඬුවම් ලබාදිය හැකි බව සිහි කරමින්, ද මෝනිං ආයතනය ගැන විමර්ශනයක් සිදුකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ඔක්තෝබර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඊට අමතරව ඔහු පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශය තුළත්, පැමිණිල්ල තුළත් මාධ්‍ය නිදහස පැත්තෙන් භයානක කරුණු ගණනාවක් තිබෙනවා. ඔහු පැමිණිල්ලෙන් ඉල්ලා තිබෙන්නේ මාධ්‍යවේදියෙකු පාර්ලිමේන්තුවට ගෙන්වා ‘දඬුවම් කරන‘ ලෙස.

එහෙත් ඊටත් වඩා භයානක කාරණය වන්නේ ඊට එකඟ බවත්, වහාම මාධ්‍ය පාලනයට ස්ථීරසාර වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතමයෙකු වන එස්.එම්. මරික්කාර් ප්‍රකාශ කිරීම.

මේ විජයදාස රාජපක්ෂ සිදු කළ ප්‍රකාශයේ සංක්ෂිප්තයක්.

‘වරප්‍රසාද කමිටුව මාධ්‍යවේදීන් ගණනාවක් ගෙන්නලා තිබුණා. උදෑසන පත්තර කියවන මාධ්‍යවේදියෙකුත් මේ විදියට කැඳෙව්වා.

කෙටි ප්‍රකාශයක් අල්ලාගෙන පැය ගණන් කියවන පත්තර කියවන මාධ්‍යවේදීන්, පාර්ලිමේන්තුවේ 225ම හොරු, තක්කඩි කියලා පාර්ලිමේන්තුව කෙරෙහි වෛරයක් ඇති කළා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 10ක්, 15ක් නුසුදුසු ආකාරයට හැසිරෙනවා.  

පත්තර මල්ලිලා කියවගෙන කියවගෙන යනවා. මාධ්‍ය වේදීන්ගේ ක්‍රියාකලාපය වැරදියි කියලා පිළිගත්තා. මේ මාධ්‍ය වේදීන් නිසා අවංක මන්ත්‍රී කෙනෙකුට පාසල් යන්න බෑ. තාත්තා හොරෙක්ද කියලා අහනවා.

මේ මන්ත්‍රීවරුන්ගේ තත්වය නැති කළේ මාධ්‍යවේදියෝ. බෝතල් දෙකක් අරන් ප්‍රවෘත්ති පළ කරන්න කිව්වාම පළ කරනවා.

අපි මාධ්‍යවේදීන්ගේ හැටි දන්නවා. අපි සියලු මාධ්‍යවේදීන් නරකයි කියලා හංවඩු ගහන්නේ නෑ.

මාධ්‍ය වේදියා කතා කරපු නිසා ඒ මාධ්‍ය ජාලයටම අයිති පුවත්පතක්, ද මෝනිං. අපේ රටේ මාධ්‍යකාරයන් ඒගොල්ලන්ට ජනාධිපතිලා ගේනවා. බිස්නස් කරගන්නවා. ඊට පස්සේ පන්නනවා. වෙන කෙනෙක් ගේනවා.

ද මෝනිං පත්තරය. ඒ ගෘප් එකට අයිති පත්තරයක්.

විජයදාස රාජපක්ෂගේ චෙම්බර් එකේ නීතිඥවරුන් තිලිණි වෙනුවෙන් පෙනී සිටිනවාලු. ඒ නිසා ඇමතිකමින් හෝ නඩුවෙන් අයින් වෙන්න කිව්වා.

මට චෙම්බර් එකක් නෑ. හැබැයි මගේ කනිෂ්ඨ නීතිඥවරුන් නොයෙකුත් අධිකරණවල සේවය කරනවා. මහේස්ත්‍රාත් විනිසුරුවරුන් ඉන්නවා. විනිසුරුවරුන් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඇමතිවරුන් ඉන්නවා. මම ඒ අය ළඟ ‘මයි ලෝඩ්‘ කියලා නඩු කතා කරනවා.

මේගොල්ලන් ආවරණයක් අරන් තියෙනවා. මෛත්‍රී ගුණරත්න ජනාධිපති නීතිඥයා මේ බව උසාවියේ කිව්වා කියලා. මම ඔහුගෙන් විමසුවාම පැහැදිලිව කිව්වා කිසිම

වරප්‍රසාද කමිටුවේ සභාපති විදියට ගෙනියන ක්‍රියාදාමය කඩාකප්පල් කරන්න උත්සාහ කරන්නේ.

පනත යටතේ අවුරුදු දෙකක සිර දඬුවමක් දෙන්න පුළුවන් වරදක්. විමර්ශනයට සහයෝගය දෙන්න බැහැ. වරප්‍රසාද කමිටුවේ වෙනත් සාමාජික සාමාජිකාවකට හරි පත් කරලා මේ පිළිබඳ, විමර්ශනයක් කරලා අවශ්‍ය නීති පියවර ගන්න කියලා, සාධාරණයක් කරලා දෙන්න කියලා ඉල්ලනවා.

මන්ත්‍රීවරුන්ට භාෂණයේ දීපු නිදහස නැති කරන්න මාධ්‍ය කණ්ඩායමක් උත්සාහ කරනවා. පාර්ලිමේන්තුවත්, ජනාධිපතිත් ඔවුන්ට ඕනෑ කෙනෙක් පත් කරන්න ඕනෑ කියලා මාධ්‍ය හිතනවා.

ඒකට ඉඩ දෙන්නේ නැහැ අපි.‘

එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා ඒ විගස නැගිට මෙසේ ප්‍රකාශ කළා.

‘විජයදාස රාජපක්ෂගේ මතය එක්ක එකඟයි. මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන හිතනවා මාධ්‍යවලට ඕනෑ ආකාරයට රට පාලනය වෙන්න ඕනෑ කියලා.

කොයිවෙලේ හරි හැදෙන්න ඕනෑ. මාධ්‍ය ආයතන හිතනවා නම්, තමන්ගේ අල්ලේ නටවන තැනට පත් කරන්න ඕනෑ කියලා. මම හිතනවා විජයදාස රාජපක්ෂගේ යෝජනාව අරගෙන ස්ථීර, තදබල වැඩසටහනක් හදන්න ඕනෑ කියලා. සමහරු කියයි

ඒවාට බයත් නෑ. ස්ථීර පියවරක් ගන්න කියලා ඉල්ලනවා.

තර්ක කර කර ඉන්නේ නැතිව දියුණු වෙන්න ඕනෑ නම් මෙතැනින් ආරම්භ කරන්න කියලා ඉල්ලා සිටිනවා.‘

පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යනු මෙරට මාධ්‍යවේදීන් සටන් කර, ක්‍රියාත්මක නොවන තැනට පත් කරවාගත්, ඒ වගේම සංශෝධනය කරවාගත් භයානක පනතක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදවලට මුවා වී මාධ්‍යවේදීන් ගැන එයාලාම විමර්ශනය කරලා, එයාලාටම දඬුවම් කරන්න හැකියාවක් මේ පනත යටතේ තිබුණා. මාධ්‍ය මර්දනය සඳහා කැකිල්ලේ තීන්දු දෙන්න අපූරු තැනක් බවට මේක පත් කරගන්න පුළුවන්කම තිබුණා.

එහෙත් මේ පනතට කරපු සංශෝධන ගණනාවක් අනුව දැන්, පාර්ලිමේන්තුවට තමන්ගේ වරප්‍රසාද කඩකළා කියලා බරපතල දඬුවම් දෙන්න බලයක් නැහැ. දැන් පුළුවන් වන්නේ යම් කෙනෙකුට පාර්ලිමේන්තුවට ඇතුළුවෙන්න තියෙන අයිතිය සීමා කිරීමත්, දැඩිව අවවාද කිරීමත් පමණයි. ඉස්සර අවුරුදු දෙකකට නොඅඩු සිර දඬුවමක් දෙන්න පුළුවන්කම තිබුණා. හැබැයි දැන් ඒ දඬුවම් දෙන්න පුළුවන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමෙන් පස්සේ අධිකරණ විභාගයක් කරලා. ඒ අනුව විජයදාස රාජපක්ෂ කියපු අවුරුදු දෙකක සිර දඬුවමක් වගේ එකක් ලබාදිය හැක්කේ අධිකරණයට යෑමෙන් පස්සේ.

විශේෂයෙන් යම් මන්ත්‍රීවරයෙකු ගැන විවේචනාත්මක වාර්තාවක් පළ කරපු පමණින්, ඒ කෙනාව ගෙන්වා ප්‍රශ්න කරමින්. පීඩාවට පත් කරන්නට මේ නීති පාවිච්චි කරන්න පුළුවන්. මේවායින් මාධ්‍ය ආයතන අයිතිකාරයන්ට කෙළවෙන්නේ නැහැ. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවා ඉල්ලා තිබෙන්නේ පුවත පළ කර මාධ්‍ය වේදියා ගෙන්වා ‘දඬුවම් කරන්න‘ කියලා.

බොහෝ විට ආණ්ඩු හිතවාදී මාධ්‍යවේදීන්ට කෙළවෙන්නේත් නෑ. ඒ වෙනුවට මේවායින් කෙළවෙන්නේ දේශපාලුවන්වත්, ආණ්ඩුත් විවේචනයට ලක් කරන තියුණු භාවිතාවක යෙදෙන මාධ්‍යවේදීන්ට.

ද මෝනිං අයිතිකාරයා ‘දිලිත් ජයවීර‘, හිරු ටීවී අයිතිකාරයා ‘රෙනෝ සිල්වා‘ හෝ සිරස අයිතිකාර රාජමහේන්ද්‍රන් පවුල තමන්ගේ මාධ්‍ය ආයතන තමන්ගේ දේශපාලන වුවමනා වෙනුවෙන් පාවිච්චි කර ඇති බවත්, ඉදිරියේදී කරන්නට ඉඩ තියෙන බවත් පැහැදිලියි. මහජන දේපළක් වන ටෙලිවිෂන් සංඛ්‍යාත පාවිච්චි කරලා, හිතුමතේට මාධ්‍ය ආයතන කරන්න බැරි බවත් පැහැදිලියි.

එහෙත්, ඒකට විසඳුම පාර්ලිමේන්තුව වගේ කැකිල්ලේ ආයතනයක් හරහා, මන්ත්‍රීවරුන් ගැන කතා කළා කියලා මාධ්‍යවේදීන්ට එරෙහිව පියවර ගැනීම නෙවෙයි.

විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාට ‘ද මෝනිං‘ පුවත්පතෙන් යම් අසාධාරණයක් සිද්ධවෙලා ඇති. ඔහුගේ තනතුරට සහ වෘත්තිය අසාධාරණයක් යැයි හැඟෙන යම් කාරණයක් ලියලා ඇති. එහෙත් එවැන්නකට පිළිතුරු දීමේ අයිතිය, මේ මාධ්‍ය ආයතනයේ හැසිරීම ප්‍රසිද්ධ කරමින් ඒ මාධ්‍ය ආයතනය ගැන විවේචනය කිරීමේ හැකියාව, පුවත්පත් ආයතනය වගේ තැනකට ගිහින් පැමිණිලි කිරීමේ හැකියාව අධිකරණ ඇමතිවරයාට තියෙනවා. එතැනිනුත් එහාට ගිහින්, මාධ්‍ය ආයතන අයිතිකාරයන්ට ඕනෑ හැටියට වැඩ කරන්න බැරි විදියටත්, මාධ්‍ය සමාජයේ ස්වාධීනත්වය තහවුරු වෙන විදියටත් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනත් සම්මත කරන්නත් පුළුවන්, නීති සම්පාදකයෙක් විදියට.

කුණුවෙච්ච රටක මාධ්‍යවේදීන් පමණක් පිරිසිදු නැහැ. රට පිරිසිදු වෙන තරමට ඕනෑ ක්ෂේත්‍රයක මිනිස්සු පිරිසිදු වේවි.

අද පාර්ලිමේන්තුව ඇතුළේ වසන්ත මුදලිගේ ගැන හෝ වෙන ඕනෑම කෙනෙක් ගැන හෝ කියන බොරු මොනතරම්ද? සාමකාමී විරෝධතාකරුවන් රට ගිනිතිබ්බායැයි පච කෙළිමින්, මැයි 9 රට ගිනිතබන්න මුලපුරපු අය කියන කතා මොනතරම්ද? ඒවා ගැන කුමන වරප්‍රසාද නීතියක්ද?