සජිත් රන්ජන්ට නිදහස ඉල්ලයි!

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට දැන් තියෙන්නේ බාගේ නිදහසක් බවත්, ඔහුට සම්පූර්ණ නිදහස දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගෙන් ඉල්ලා සිටියා.

ඔහු කළ අදහස් දැක්වීම පහතින්.

‘රන්ජන් රාමනායකට දේශපාලන අයිතියක් නැහැ. එතුමා බාගෙ පුරවැසියෙක්. ඇයි මෙහෙම කරන්නේ. ස්තූතිවන්ත වෙනවා ඔබතුමා මැදිහත් වුණා. නිදහස් කළා. ස්තූතියි. හැබැයි මේක බාගේ නිදහසක්. සීයට 50 නිදහසක්. රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දීමට කටයුතු කරන්න. දින වකවානුවක් දාලා ඉක්මනින්ම පූර්ණ නිදහස ලබාදීමේ කර්තව්‍යයත් ඉෂ්ඨ කරන්න.‘