වසර 6 කට පෙර විවාහය ලියාපදිංචි කළ බව නයනතාරා කියනවා
රංගන ශිල්පී නයන්තරා සහ චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් මෑතකදී ආදේශක මවක් (surrogate) හරහා නිවුන් පුතුන්ට දෙමාපියන් වුණා. මේ දෙන්නා Instagram හරහා ඔක්තෝබර් 9 වන දින දරුවන්ගේ උපත නිවේදනය කළා.
ඔවුන් දරුවන්ගේ පුංචි කකුල්වල ඡායාරූපයක් එක්ක ට්විටර් හරහා සටහනක් යොදලායි ඒ කතාව හෙළි කළේ.ෙ
“නයනුයි මමයි අම්මා අප්පා වුනා. අපි නිවුන් පිරිමි ළමයි දෙන්නක් ලබන්න ආශීර්වාද ලැබුවා. අපේ සියලු යාච්ඤාවන් සහ මුතුන් මිත්තන්ගේ ආශිර්වාදයන් එක්ක පි කරපු හැම යහපත් ප්‍රාර්ථනාවක්ම ආශීර්වාද ලත් ළදරුවන් දෙන්නෙක් හැටියට අපිට ලැබුනා. අපේ උයිර් ටයි උලගම් ටයි ඔයාලාහැමෝගෙම ආශිර්වාදය අවශ්‍යයි. ජීවිතය තවත් දීප්තිමත් වෙලා, ලස්සන වෙලා. දෙවියන් දෙගුණයක් ශ්‍රේෂ්ඨයි.”
නිවේදනයෙන් පස්සේ, වෙනත් ප්‍රශ්නයක් මතු වුණා. ඒ, ඔවුන් ආදේශක නීති රීති අනුගමනය කළාද කියලා බලන්න තමිල්නාඩු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැහැදිලි කිරීමක් ගොනු කරන්න කියලා නියෝග කරපු නිසා. ඒ සිදුවීමෙන් මේ යුවළ මතභේදයට ලක් වුණා. ප්‍රශ්නය වුණේ දරුවෙක් බිහි කරන්න නම් යුවළක් වසර පහකට වඩා වැඩි කාලයක් විවාහ වී සිටිය යුතු නිසා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සම්මත වුන ඉන්දියානු ආදේශක (නියාමනය) පනතට අනුව, විවාහක යුවළක් අවුරුදු පහක් විවාහ වී සිටිය යුතු වෙනවා, ආදේශක මව ඇගේම දරුවෙක් සිටින විවාහක ඥාතියෙකු විය යුතුයි. පරාර්ථකාමී ආදේශකකම (altruistic surrogacy) යනු වයස අවුරුදු 26 ත් 55 ත් අතර ස්වාමිපුරුෂයන් සහ අවුරුදු 23 ත් 50 ත් අතර භාර්යාවන් සහිත වඳ ඉන්දියානු යුවළ සඳහා බව ඒ නියාමන පනතේ සදහන් කරලා තියෙනවා.
මේකට ප්‍රතිචාර විදියට නයන්තරා සහ විග්නේෂ් ශිවන් තම විවාහය වසර හයකට කලින් ලියාපදිංචි කර ඇති බව සහ ආදේශක මව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්න නයන්තරාගේ ඥාතියෙක් වන බව ඔවුන් ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයකින් ඔවුන් කියා තියෙනවා.
නයන්තරා දශක දෙකක් පුරා දෙමළ, තෙළිඟු සහ මලයාලම් චිත්‍රපට 75ක පමණ වැඩ කර තියෙනවා. නයන්තාරාව දෙමළ සිනමාවේ නම් කරලා තියෙන්නේ ‘ලේඩී සූපර් ස්ටාර්’ කියලා. ඇය ඒතරම්ම දෙමළ සිනමාව තුළ බලවත් නිළියක්. විග්නේෂ් සිවන් තානා සෙරන්ඩ කූට්ටම් (Thaanaa Serndha Koottam), නානුම් රවුඩිධාන් (Naanum Rowdydhaan) සහ කාතුවාකුල රෙන්ඩු කාදල් (Kaathuvaakula Rendu Kaadhal) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා.