මහින්ද ආයෙත් අගමැති කරනවා?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවතත් අගමැති ධූරය ලබාදීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත් හුවමාරු වෙනවා.

මෙවැනි සැලසුමක් ගැන ලොකු විස්තරයක් අපට දැනගන්නට නැතත්, එය කටකතාවක් විදියටයි හුවමාරු වන්නේ.

එවැන්නක් සඳහා සාකච්ඡා පවතින්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් අතර බව වැඩිදුරත් කියැවෙනවා.

ඒ අනුව ඉදිරි නොවැම්බර් මාසයේ මැද මහින්ද රාජපක්‍ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය හිමිවනු ඇති බව තමයි ඒ කටකතාවල සඳහන් වන්නේ.

මීට කලින් බැසිල් රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට සාකච්ඡා වන කටකතාවක් ගියා. එහෙත්, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියා තිබුණේ එහෙම සාකච්ඡාවක් නැහැ කියලා. 22 සංශෝධනය සිතූ අයුරින් සම්මත වුණොත්, බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු පැමිණීමේ හැකියාව නැහැ.