නිමල් සිරිපාල අල්ලස් ඉල්ලුවා කියා සාක්ෂි නැහැ, පැමිණිල්ල ඉවතට

ගුවන්තොටුපලේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වන ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් එල්ල වී තිබුණු චෝදනාවලින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිදහස් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

එලෙස අදාල පැමිණිල්ල ඉවත දැමීමට කටයුතු කර ඇත්තේ එම චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම නිසා බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව පවසා ඇත.

මෙම චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මීට පෙර ජනාධිපතිවරයා පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව ද ප්‍රකාශ කර තිබුණේ එම චෝදනා ඔප්පු කිරීමට සාක්ෂි නොමැති බවය.