මන්දිරයට ගියායැයි උසාවියට දැම්ම තවත් කෙනෙක්ට ඇප!

පසුගිය ජුලි 09 වන දින ජනාධිපති මන්දිරයට ඇතුළු වී අනර්ථයක් කළා යැයි පවසමින් කොම්ප්ඤ්ඤවීදිය කොට්ඨාශ අපරාද ඒකකයෙන් අත්අඩංගුවට ගෙන කොටුව මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචි නිමේෂ් ඕවින්දට කොටුව මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දී ඇත.

2022 ඔක්තෝබර් 17 දින කොම්ප්ඤ්ඤවීදිය කොට්ඨාශ අපරාධ ඒකකයට කැඳවා තිබුණු අවස්ථාවේ අත්අඩංගුවට ගත් ඔහුට මෙලෙස ඇප ලබා දී තිබේ.

අධිකරණය ඉදිරියේ කරුණූ දක්වමින් පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ජනාධිපති මන්දිරයට ඇතුලු වී අනර්ථයක් සිදු කළ නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවය. අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සළකා බලමින් පසු කොටුව මහේස්ත්‍රාත්වරයා ඇප ලබා දී තිබුණි.

නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ අත්අඩංගුවට ලක් වූ නිමේෂ් ඕවින්ද වෙනුවෙන් පෙනී සිටියේය.

මේ වෙද්දී මර්දනයට ලක්වෙමින් තිබෙන දහස් ගණනක් තරුණයන් අතරින් ඔහු කෙනෙකි.