ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප පුවත්පතේ ප්‍රවීණ මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ වාර්තා කරලා.
බස්නාහිර පළාත නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණෙන් ඉවත් ව, ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනවාලු. ඔහු ආණ්ඩුවේ ඇමතිධුර හොබවන පොදුජන පෙරමුණ පෙරමුණේ ප්‍රබලයන් කිහිදෙනෙකු පසුගිය දා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලාත් තියෙනවාලු. කෙසේ වෙතත් මේ කිසිවෙකුගේ නම් ගම් සඳහන් කරලා නැහැ.
මේ කියන පොහොට්ටු ප්‍රබලයා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන ,කොළඹ , ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවී තියෙනවාලු.