මහින්ද සමග ‘එක්ව නැගිටිමු‘ යන තේමාවෙන් නාවලපිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැළිය වෙනුවෙන් විශාල පොලිස් නිලධාරීන් පිරිසක් නාවලපිටියට යොදවා තිබුණා.
ඒ නාවලපිටියේ අද හවස්වරුවේ පැවැත්වෙන ‘එක්ව නැගිටිමු‘ රැළියට එරෙහි විරෝධතා මර්දනය කිරීම සඳහා. එහිදී සමගි ජන බලවේගයේ කාර්යාලය ඇතුළු ස්ථාන ගණනාවක් පොලීසිය වටලා තිබුණු අතර, පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණා.
මහින්ද එක්ක නැගිටින්නට පොලීසිය සෙනඟ සැපයීම ශ්‍රී ලංකා පොලිස් සේවය කෙතරම් දේශපාලනීකරණය වී ඇතිදැයි තහවුරු කරනවා.
