ඉදිරි මාස කිහිපය තුළ මැතිවරණ කිසිවක් නොපැවැත්වෙන බවත්, ජාතිය ස්ථාවර කිරීමේ ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීමෙන් අනතුරුව මැතිවරණ මාලාවක් පවත්වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා තියෙනවා.
වජිර අබේවර්ධන කියන්නේ පහුගිය මහමැතිවරණයෙන් අන්ත පරාජයක ලැබූවෙක්. ඔහුගේ පක්ෂයට මේ රටේ එක් ආසනයක්වත් දිනාගන්න බැරිවුණා. ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයක් විතරයි. එවැනි පිරිසක් තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරණම තීන්දු කරන්නේ.
දැන් කුමන්ත්‍රණවලින් රටේ පාලන බලය අල්ලාගෙන, මැතිවරණ සිතියම අකුළා දමනවා. රනිල්ගේ මාමා ජේආර් මැතිවරණ සිතියම අකුලා දැම්මේ තුනෙන් දෙකක බලයක් මැතිවරණයකින් දිනාගත්තාට පස්සේ. ඒ වෙලාවේ ඔවුන් කරපු විනාශයත් මතක ඇති. දැන් කිසිම ඡන්ද බලයක් නැති රනිල් සහ වජිර වැනි අය මැතිවරණ සිතියම් අකුළා දැමීම ඉතා භයානකයි.
පවතින තත්ත්වය අනුව මැතිවරණ පැවැත්විය නොහැකි බවත් මැතිවරණ ඉල්ලා සිටින්නේ රට අස්ථාවර කිරීමට බලාපොරොත්තු වන අය බවත් ඡන්ද පරාද වෙච්ච වජිර කියනවා. වජිරට අනුව ඡන්ද පැවැත්වීම තමයි රට අස්ථාවර කරන වැඩේ. අසූ ගණන්වල රට අස්ථාවර වුණේ කුමන හේතුවක් නිසාදැයි ඔබට අපට මතක ඇති.
මේ වෙද්දී මැතිවරණ නොපවත්වා, ජනමත විචාරණයක් පැවැත්වීම ගැනත් රනිල් වික්‍රමසිංහ කියා තිබෙනවා. මේ ඉතිහාසය නැවත රිපීට් වීමක්. එදා මැතිවරණ නොපවත්වා කරපු 1982 ජනමත විචාරණය හැඳින්වුවේ ‘ලාම්පු කළගෙඩි සෙල්ලම‘ කියා. ඒ සෙල්ලම කෙතරම් අඳුරු, භීෂණ යුගයකට රට ගෙනිච්චාදැයි මතක ඇති.
මේ අතර පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීම අත්‍යවශ්‍ය බවද වජිර කියා තියෙනවා. සභික සංඛ්‍යාව 8000ට වැඩි කළේත් රනිල් වික්‍රමසිංහලා. ඒ වැඩි කරපු මැතිවරණ සංශෝධණයේදීත්, ඡන්ද නොපවත්වා කල් දාන්න මැතිවරණ සංශෝධන හේතුවක් කරගත්තා.