ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රනිල් වික්‍රමසිංහගේ නියෝගයක් යටතේ දින 50ක කාලයක් තිස්සේ රඳවාගෙන සිටි හෂාන් ජීවන්ත ගුණතිලක ශිෂ්‍යයාව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නිදහස් කර තිබෙනවා.
වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමි සමඟ හෂාන් ජීවන්ත ගුණතිලක අසාධාරණ ලෙස රඳවා සිටියේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල කරමින්.
හෂාන්ව රඳවා තබාගැනීමේ නියෝගය නිකුත් කළේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහගේ අත්සන යටතේ. එහි සඳහන් කර තිබුණේ ‘මැර බලය යොදා ගනිමින් පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම හා ඝාතනය කිරීමට තැත් කිරීම, රාජ්‍ය දේපළවලට අලාභහානි සිදුකිරීම සහ ප්‍රධාන මර්මස්ථානවලට අලාභහානි කිරීමට සැලසුම් කිරීම…..‘ ආදී චෝදනා ලැයිස්තුවක්. දින 90ක කාලයක් තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණයේ රඳවන්න කියලා රනිල් වික්‍රමසිංහ නියෝග කළා.
රනිල් දින 90ක් රඳවන්න කීවාට අධිකරණය හමුවේ දින 50ක් ගතවෙද්දී හෂාන්ට එළියට එන්න ලැබුණා.
මේ විදියට නිදහස් කරපු හෂාන් ජීවන්තට දින 50ක කාලයක් තිස්සේ දුන්න මානසික වධහිංසා කිසිවක් අහෝසි වෙන්නේ නෑ. දැනටමත් හෂාන් විශාල හිංසාවකට ලක්වෙලා හමාරයි.
හෂාන්ව අධිකරණය හමුවට පමුණුවලා එළියට ගත්තා වගේ, වසන්තව සහ සිරිධම්ම හිමියන්ව එළියට ගැනීම සඳහා මේ වන විට නීතිඥවරුන් උනන්දුවෙමින් සිටිනවා.