අධිආරක්ෂක කලාප හකුළාගන්නවායැයි ලංකාදීප පුවත්පත වාර්තා කළ පුවතට පරස්පර පුවතක් වාර්තා කරමින් ඩේලි මිරර් පුවත්පතේ ජමිලා හුසේන් ලියා තිබෙන්නේ, එම කලාප පත් කරන්නට හේතු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින්, අධිකරණය තුළ ඒ කලාප වෙනුවෙන් පෙනී සිටින්නට සැලසුමක් තිබෙන බව.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දිනාගැනීම සඳහා ඔවුන් පාවිච්චි කිරීමට නියමිත වන්නේ ‘ශ්‍රේෂ්ඨාධිකරණයත් වටලන්න හිටියා‘ කියා විමර්ශනවලදී හෙළිවුණායැයි කියන කතන්දරයක්. අරගලය ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිවත් ගිය එකක් බව කියමින්, අරගලයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනය දිනාගන්නැයි ඔවුන් සූදානමින් ඉන්නේ.
‘ඉහළ ආරංචි මාර්ග‘ උපුටා දක්වමින් ඇය ලියා තිබෙන්නේ පර්යේෂණවලදී ‘ලැබුණු තොරතුරු‘ බව සඳහන් කරමින් අරගලයට එරෙහි විමර්ශනවල ‘දෙවැනි අදියරක්‘ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමට එහිදී නියමිතයිලු. ඒ ‘දෙවැනි අදියර‘ අනුව අධිආරක්ෂක කලාප නම් කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න නියමිතයිලු.
ඒ අනුව විමර්ශන වාර්තා ලෙස බොහෝ දේවල් ඉදිරිපත් කරන්න සැලසුම් ඇති.